137 පරිච්ඡේදය

683 146 81
                                    


"එක. මට මගේ ළමයා නැති උනේ සිංහපෘථිවිලා නිසා. මං ඩැනියෙල් කියන්නෙ කවුද කියලා දැන ගත්තේ එතනින් පස්සේ."

ඇගේ පළමු වාක්‍යයෙන් ම යේන් අන්ද මන්ද වී ගියේ ය.

"ළමයා නැති උනා? ඇයි ඔය ඉන්නේ? එතකොට ඒ කාගේ ළමයෙක් ද?!"

"මාලියා කියන්නේ මායි, නෙවිලුයි අරන් හදා ගත්ත ළමයා." 

"Wait what?!"

යේන්ට එය සැබැවින් ම විශ්වාස කරන්නට අපහසු විය.

"මගෙයි, නෙවිල්ගෙයි පළවෙනි ළමයා නැති උනාට පස්සේ... මං කොච්චර වැඳ වැටුනත් නෙවිල්ට ආයේ ළමයෙක් හදන්න ඕන උන්නෑ. එක්කො එයා පළවෙනි පාර උන දෙයින් බය උනා, නැත්තන් traumatized උනා. වෙන කරන්න දෙයක් නැති නිසා මං එයාව කැමති කරව ගත්තා මාලියාව අරන් හදා ගන්න. මාලියාට ළමයි නැති එක අපේ genes වලින් ආව දෙයක් නෙවෙයි."

"ඉතින් මොකක්ද ඒකට සිංහපෘථිවිලගේ තියෙන සම්බන්ධේ?"

"සම්බන්ධෙ ද? කරුමෙට ම ලිලී සිංහපෘථිවිත් එකම දවසේ, එකම වෙලාවේ, එකම තැනට delivery එකට ආව එක!"

යේන්ගේ මුහුණේ වූයේ ගැටලුවකට මැදි වූ පෙනුමකි.

"මාව surgery එකට ගන්න තීරණේ කරලා ඉවර උනාටත් පස්සේ තමයි ලිලී සිංහපෘථිවිව ඒ hospital එකට ම admit කළේ. දන්නැත්තන් දැන ගන්නවා. ඒ තමුසෙගේ ආච්චී. ඩැනියෙල්ගේ wife! එයා තමයි සිංහපෘථිවි. නැතුව ඩැනී නෙවෙයි. ලිලීගේ family එක මෙහෙ හිටපු හොඳම business family එකක්. මං දන්න තරමින්.... ලිලීට තමයි ඕනේ වෙලා තිබිලා තියෙන්නේ fashion design industry එකට අත ගහන්න. එයාට ඒකට talent එකත් තිබිලා තියෙනවා. මං දන්නෑ ඩැනී වගේ කෙනෙක්ට කොහෙන් එච්චර හොඳ පවුලක කෙල්ලෙක් හම්බුනා ද කියන්න. කොහොම හරි ශාක්‍ය එක පටන් ගත්තේ ඩැනී, ලිලී දෙන්නා එකතු වෙලා. පස්සේ ඒ කෙල්ල, ඩැනීව marry කළා. මං අහලා තියෙන තරමින් ඒ marriage එකට ලිලීගේ family එකෙන් කැමති වෙලා නෑ. ඒ නිසා marriage එකෙන් පස්සේ family දෙක අතරේ කිසිම සම්බන්ධයක් තිබිලා නෑ. Marriage එකෙන් පස්සේ... ඩැනී wife ගේ surname එක ගත්තා. මං දන්නෑ ඒ, ඒ මනුස්සයට surname එකක් තිබුණේ නැති නිසා ද නැත්තන් එයාගේ surname එකට තිබුණ අකමැත්ත නිසා ද කියන්න. කොහොම හරි උනේ අන්තිමට ඩැනීත් සිංහපෘථිවි කෙනෙක් උන එක. ඊට වඩා දෙයක් මං ඒ දෙන්නගේ relationship එක ගැන දන්නෑ." 

The Deathtrap Where stories live. Discover now