17 පරිච්ඡේදය

1.4K 262 14
                                    

බිමට පහත් වී සිටි ෂමිත් කිහිප වරක් ම එක දිගට කැස්සේ ඔහුගේ උගුරෙන් ද දැනුණු වේදනාව පහව යන්නට ය. ඒත් සමග ඔහුගේ කටේ තිබී බිමට වැටුණේ, ඔහුගේ පියාගේ අත තිබූ බැංකු කාඩ්පත ය. ඔහු ගඩොල් කැටය පසෙකට දැමුවේ ය. නැවත සිට ගන්නට ඔහුගේ ශරීරයට කිසිදු පණක් නොවිනි. ඔහු ඒ ආකාරයෙන්ම මද වේලාවක් සිටියේ ය. නමුත් එම ස්ථානය ඒ වෙලාවේ සිටින්නට එතරම් හොඳ තැනක් නොවේ. මන්ද මෙතැන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ ඔහුගේ පියා පමණක් නොවන බැවිනි. වෙනත් විකෘති මිනිසෙකු මෙතැනට පැමිණියහොත් ෂමිත් තවත් අමාරුවක වැටේ. මේ මොහොතේ ඔහුට උපකාර කරන්නට කිසිවෙකු ද නැත.

මිනිත්තුවක් පමණ එලෙසම සිටි ඔහු බැංකු කාඩ්පත ද අතට ගෙන කෙසේ හෝ නැගිට ගත්තේ ය. ඔහූගේ දෙපා වෙව්ලන බව ඔහුට දැනිණි. ඔහු ක්ෂණිකව බිත්තියට වාරු විය. එහි ආධාරයෙන් ඔහු පඩිපෙළ දක්වා ඉතා අපහසුවෙන් පැමිණියේ ය. පඩිපෙළ පාමුල වැටී තිබූ ඔහුගේ මුදල් පසුම්බිය ඔහුගේ නෙත ගැටිණ. බිත්තියට හේත්තු වී සිටි ඔහු පහතට නැමුණේ එය අහුලා ගන්නට ය.

නමුත් ඔහුගේ උදරයෙන් දැනුණු වේදනාව හේතුවෙන් ඔහුට පහත් වීමට තියා නිසි ලෙස හුස්මක් ගන්නටවත් නොහැකි විය. ඒ වේදනාව හමුවේ ඔහුගේ දැසට නිරායාසයෙන්ම කඳුළු පිරිණි. ඔහු බිත්තිය දිගේ රූටා විත් එතැනම බිම හිඳ ගත්තේ ය. ඒ මොහොතේත් ඔහුගේ උදරයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ වේදනාවක් දැනුණත් ඔහුට එයට කළ හැකි දෙයක් නොවීය. දෑස් විවර කරගෙන ඉන්නට ද දැඩි අපහසුවක් ඔහුට දැනිණි. නමුත් ඔහු කෙසේ හෝ ඔහුගේ නිවසට යා ගත යුතුය.

ඔහු පඩිපෙළ දෙස හිස යන්තම් හරවා බැලුවේ ය. පඩිපෙළ දිගටම ඔහුගේ බෑගයේ තිබූ යම් යම් දේ ය. දෙවෙනි මහල දක්වා ඇති පඩි එකොළහ ඔහුට පෙනුනේ මහා උස කන්දක් ලෙසිනි. මෙම අඩි කිහිපය පැමිණීමට මෙතරම් අපහසු වූවා නම් පඩි එකොළහක් නැග ගන්නේ කෙසේ ද? ඔහු කරන්නට දෙයක් සිතා ගත නොහැකිව හිස බිත්තියට හේත්තු කර ගත්තේ ය. ඔහුගේ දෑස් බොඳ වී යන අයුරු ඔහුට දැනිණි. ඔහුගේ දෑසින් ඔහුටත් නොදැනීම කඳුලු ගලා යන බව ඔහු දැන ගත්තේ තවත් මද වේලාවකට පසුව ය. පඩිපෙළ නැග නිවසට යාමේ අදහස ඔහු සිතින් අත් හැර දැමුවේ ය. ඔහු හිස පහළට නවාගෙන දණිස් දෙකට හිස තබා ගත්තේ ය.

The Deathtrap Where stories live. Discover now