23 පරිච්ඡේදය

1.4K 260 25
                                    

"Sir? You okay?"

"ආ?"

ෂමිත් මේසය මතින් තබාගෙන සිටි හිස එසෙව්වේ එහි සේවකයාගේ කාරුණික ස්වරයෙනි.

"You okay? පේන විදියට Sir ගෙ අතේ මොකක් හරි අමාරුවක් තියෙනව වගේ?"

"ආ නෑ නෑ. මගෙ ඔලුව ටිකක් රිදෙනවා. අතේ අවුලක් නෙවෙයි..."

වේගයෙන් හුස්ම ගනිමින් ෂමිත් කියන විට සේවකයා මද වේලාවක් සැලකිල්ලෙන් ෂමිත් දෙස බලා සිටියේ ය. ඒ අතර ෂමිත් ඔහුගේ දුරකථනයෙන් වෙලාව පරික්ෂා කළේ ය. යේන් පිටව ගොස් විනාඩි පහළොවකට අඩු නැත. තව දුරටත් ෂමිත්ට එහි සිටින්නට අපහසු බව පෙනින. ඔහුට හැඳ සිටි ඇඳුම්වලින් දැනෙන අපහසුව ද එන්න එන්න ම වැඩි විය. ඔහු සේවකයා දෙස බැලුවේ ය.

"මාත් එක්ක මෙතනට ආපු කෙනා.... එයා..... එයා ආපහු ආවද?"

"Mr.යේන් ද?"

සේවකයා ඔහුගේ නම දන්නවා යැයි ෂමිත් නොසිතුවේ ය. මෙතෙක් වේලා සිදු වූ කතා බහෙන් ඔහු එය තේරුම් ගත්තාවත් ද? ඒ නැතත් යේන් කවුරුන්දැයි දැන සිටීම පුදුමයක් ද නොවේ.

"ඔව්....?"

"තාම ආවෙ නෑ."

එයට යන්තම් හිස සෙලවූ ෂමිත් දුරකථනය ගෙන යේන්ට කෙටි පණිවුඩයක් යැව්වේ ය.

'මට මෙතනින් යන්න ඕනේ. තවත් ඉන්න බෑ. Please.'

එය යේන්ගේ දුරකථනයට යැවූ ඔහු නැවතත් හිස දකුණතට බර කර ගත්තේ ය. ඔහුට මේ වන විටත් ඉහින් කනින් දහඩිය දමන්නට පටන් ගෙන තිබිණ. වායු සමීකරණය කර තිබූ ස්ථානයක මෙලෙස දහඩිය දමන්නට නම් කුමක් හෝ දැඩි අපහසුතාවක් තිබිය යුතු බව එහි සේවකයා ද වටහා ගත්තේ ය. නමුත් ඔහු ෂමිත්ට බාධා කරන්නට නොසිතුවේ ය. මිනිත්තු පහකට පමණ පසුව ෂමිත් නැවතත් හිස ඔසවා දුරකථනය පරික්ෂා කළේ ය. කිසිදු පිළිතුරක් නැත. ඔහුට තවත් එහි සිටින්නට නොහැකි ය. ඔහු යේන්ගේ දුරකථනයට ඇමතුමක් ගත්තේ ය.

'ඔබ ඇමතූ මෙම අංකය ප්‍රතිචාර නොදක්වයි.'

අනෙක් පසින් ෂමිත්ට ඇසිණ. ඔහු දැඩි නොඉවසිල්ලෙන් දුරකථනය අතට ගෙන හිඳ සිටි තැනින් නැගිට්ටේ ය. එවිට ඔහුට දැනුණු වේදනාව ඔහුගේ මුහුණෙන් ද පිළිඹිබු විය. ඔහු එහි සේවකයා දෙස බැලී ය.

The Deathtrap Where stories live. Discover now