29 පරිච්ඡේදය

1.4K 267 22
                                    

ඊළඟ සති ගනණාවම ෂමිත්ට වැඩ අධික කාලයකි. ඔහු විභාගය වෙනුවෙන් ඔහුට හැකි සෑම උත්සාහයක් ම දරන්නට විය. ඔහු සති අග කෑම කඩයේ රැකියාවෙන් ද ඉවත් විය. ඔහු ඊට හේතුව ලෙස පැවසුවේ උසස් පෙළ විභාගය වුවත් එයින් පසු නැවත කිසි දිනෙක එම රැකියාව කරන්නට ඔහුට කිසිදු අදහසක් නොවී ය. ඔහුට කරන්නට තිබුණේ පන්තිවලට සහභාගී වීම, නිවසට වී ඉගෙනීමේ කටයුතුවල යෙදීම හා ඔහුගේ රංග භූමිකාවේ යෙදීම පමණකි. නමුත් එය ද මේ වන විට පෙර තරම් අවශ්‍ය නොවන බව ඔහුට සිතිනි. එයට හේතුව යේන් ඔහුට පෙර මෙන් එක්විටම, විවිධාකාර දේට පැමිණෙන්නට නොපැවසීම යි.

ඔහුගේ සම්පූර්ණ වෙනසක් සිදු වී ඇති බව ෂමිත් සිතුවේ ය. එසේ නම් දැනට ම යේන්ට අවශ්‍ය දෙය සිදුවනවාවත් ද? එසේ නම් එය වාසනාවකි. ෂමිත් හා යේන් අතර පෙර දී තිබූ පීඩාකාරී සම්බන්ධතාවය මේ වන විට හොඳ අතට හැරී ඔවුන් යහලුවන් මෙන් සිටින්නට පටන් ගෙන තිබුණත් ෂමිත්ගේ ඒකායන අරමුණ; හැකි ඉක්මනින් මෙම ගනුදෙනුවෙන් ඉවත් වී, මේ මර උගුලන් ගැල වී යාම යන්තම්වත් අඩු වී තිබුණේ නැත. ඒ අන් සියල්ලටම වඩා ජීවිත ආසාව ප්‍රබල වූ බැවිනි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය තවත් එක් පියවරක් ඉදිරියට ගෙන යමින් යේන්ගෙන් ෂමිත්ට කෙටි පණිවිඩ ලැබෙන්නට පටන් ගත්තේ ය. එය පෙර මෙන් කුමක් හෝ උවමනාවකට නොවී ය. යේන්ට අවශ්‍ය වී තිබුණේ ෂමිත්ගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ය. යේන් සමග සිදු වූ පණිවිඩ හුවමාරුවෙන් ෂමිත් ද එය වටහා ගත්තේ ය.

'දැන් කොහොම ද අත? ඉරිදා බෙහෙත් දා ගත්ත ද?'

එය ඔහුගේ මුල් ම ප්‍රශ්නය විය. තම අත තිබූ පෑන ඉවතට දමමින් ෂමිත් ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තේ ය.

'ඔව්. මුකුත් අවුලක් නෑ. තව සතියකින් දෙකකින් ඒක සම්පූර්ණයෙන්ම හොඳ වෙයි.'

'That's good. තව කොච්චර කල් තියෙනව ද exam එකට?'

'මේ මාසෙයි, ලබන මාසෙයි විතරයි'

'මට හිතෙන්නෙ මේකෙන් ඔයාගේ studies වලට disturb එකක් වෙනව කියලා. මං exam ඉවර වෙනකන් ඔයාව meet නොවී ඉන්නම්.'

The Deathtrap Where stories live. Discover now