123 පරිච්ඡේදය

736 152 71
                                    

"කෑම quality නේ?"

යේන් ඇසුවේ ඔවුන් රාත්‍රී ආහාරය ගැනීම අරඹා මද වේලාවක් ගත වූ පසුව යි.

"ඒකනේ. හිතුවට වඩා හොඳයි."

ෂමිත් පිළිතුරු දුන්නේ කෑමවල රස මුව පුරා විඳිමිනි. ඔවුන් දෙදෙනා කතා කරන අතරතුර යේන් ඉතා සැලකිල්ලෙන් ෂමිත් දෙස බැලී ය. නමුත් සාමාන්‍ය ස්වභාවය හැර වෙනසක් ඔහුගෙන් පෙනෙන්නට නොතිබිණ. යේන් සැබැවින් ම ඒ ගැන පුදුම විය.

ආහාර ගන්නා අතරතුර ඔවුන්ගේ කතාව විවිධාකාර මාතෘකා ඔස්සේ ඇදී ගියත් ෂමිත්ට යමක් අමතක වී ඇති බව පෙනින. තම ආහාරය අවසන් කළ යේන්, ෂමිත්ගේ ද කැමැත්ත අනුව අතුරුපස ඇනවුම් කළේ ය. මීළඟට ඔහු දුරකථනය අතට ගෙන බලා සිටියේ ෂමිත් ඔහුගේ ආහාර වේල අවසන් කරනා තුරු යි.

"ආයේ දවසක මේකට එන්න මතක තියා ගන්න ඈ?"

ෂමිත් කීවේ ඉතිරිය සේවකයෙකු පැමිණ එකතු කරගෙන ගිය පසුව යි. යේන් එයට සිනාසුනා පමණි. මීළඟට ඔහු යේන් දෙස සැලකිල්ලෙන් බැලී ය.

"ඇයි මොකක් හරි වෙලා ද?"

ඔහු ඇසුවේ යේන්ගේ දුරකථනය වෙත ද නෙත් යොමු කරමිනි.

"නෑ නෑ මං මේ බැලුවේ... මෙහේ dessert menu එක මාර යි නේ."

"ඇයි මොනව ද තියෙන්නේ?"

"Italian desserts දෙක තුනකුත් තියෙනවා."

"ඔයා මොකක්ද order කළේ?!"

ෂමිත් ගත් කටට ම ඇසුවේ තිබූ හොඳ ම අතුරුපස යේන්ට මගහැරී ඇතැයි බිය වෙමිනි.

"ඔයා ඒක මීට කලින් කාලා නෑ කියලා sure. අද කාලා බලන්න."

සිනාවක් සමග කියූ ඔහු දුරකථනය මේසය පසෙකින් තැබී ය. ෂමිත් උරහිස් හකුලුවා පුටු ඇන්දට බර වූයේ දිග ඇදෙමිනි. ඔවුන් අතුරුපස ඇණවුම් කර තිබුණේ තවත් විනාඩි පහකට පමණ පසුව යි. ඒ කාලය අතරතුර ෂමිත්ට අමතක වී ඇති වැදගත් දෙය මතක් කර දෙන්නට යේන් සිතුවේ ය.

"නොයෙල්?"

යේන් කතා කළේ කකුලක් පිට කකුලක් දමා ගනිමින් පුටු ඇන්දට සුව පහසුව හේත්තු වෙමිනි.

"ම්?"

"අද දිනේ කවද්ද කියලවත් ඔයාට මීටර් ද?"

The Deathtrap Where stories live. Discover now