148 පරිච්ඡේදය

793 149 116
                                    

ඊළඟ දිනයේ යෙනුල්ගේ ඉල්ලීම මත කිහිප දෙනෙකු ආයතනය වෙත පැමිණ සිටියහ. ඔවුන් සමග සාකච්ඡාව ආරම්භ වීමට තිබුණේ තවත් පැයකට පමණ පසුව ය. ඒ කාලය තුළ ආයතනයේ ආපන ශාලාව පසු කරගෙන ගිය යෙනුල්ගේ නෙත ගැටුණේ එහි මේසයකට වාඩි වී හිස ද පහතට හරවාගෙන බීම වීදුරුවක් තොල ගාමින් සිටි අමීරා යි. කලු පැහැ ඉතා චාම් ගවුමකින් සැරසී සිටි ඇය කෙස් කළඹ පිට දිගට කඩා දමා තිබුණා ය. ආපන ශාලාවෙහි සිටි සමහරුන්ගේ දෑස් මේ වන විටත් ඇය කෙරෙහි යොමු වී තිබුණා කියතොත් නිවැරදි ය.

එහි දොරටුව ඉදිරිපිට නැවතී මොහොතක් ඇය දෙස බලා සිටි යෙනුල් දෑත් සාක්කුවල රුවාගෙන ම ඇය සිටි මේසය වෙතට පිය නැගුවේ ය. ඇය දෙස බැලූ විට ම ඇය සිටින්නේ කුමක් හෝ දෙයක් නිසා දැඩි දුකකින් හෝ කලකිරීමකින් බව දුර තියා ම වුව ද කිව හැකි විය. ඇය පිටුපසින් පැමිණ නැවතුනු යෙනුල් ඇගේ මේසයට දබර ඇඟිල්ලේ පිට පැත්තෙන් තට්ටු කළේ ය. ඇය කල්පනා ලෝකයෙන් මිදුනේ ඊටත් පසුව යි.

"ආ...."

"What's with the face?!"

යෙනුල් ඇසුවේ තරමක ව්‍යාකූල ස්වරයකිනි. ඒත් සමග ආපන ශාලාවේ ඒ මොහොතේ සිටි සියලුම දෙනාගේ පාහේ දෑස් මේ දෙදෙනා වෙත යොමු විය. ඔවුන්ගේ මුහුණුවල පැහැදිලිව ම ඔවුන් සහෝදර සහෝදරියන් බව කියැවෙන ලකුණු ඇත.

එසේ ම ඔවුන් දෙදෙනා සතුව ඇත්තේ ඉතා පහසුවෙන් අන් අයගේ අවධානය දිනා ගන්නට හැකි වන ආකාරයේ රූප සොබාවයන් ය. එබැවින් කලාතුරකින් වුවත් ඔවුන් දෙදෙනා ම එකට සිටින විට ඔවුන්ගේ පෙනුම හා ස්වරූපය ඒ මොහොතේ වටාපිටාවේ පරිසරයේ ස්වභාවය පවා වෙනස් කරන්නට ඉබේට ම සමත් වෙයි.

"Nothing..."

නොරුස්සන ස්වරයකින් පිළිතුරු දුන් අමීරා නැවත ඇගේ බීම වීදුරුව වෙත නෙත් යොමු කර ගත්තා ය.

"ඔය යේන් නිසා ද?"

අසමින් යෙනුල් දෑත් සාක්කුවල රුවාගෙන ම එම මේසයට හේත්තු වූයේ ය.

"මට හිතා ගන්න බෑ... එච්චර දෙයක් උනා කියලා..."

ඇය කීවේ තරමක හැඬුම්බර ස්වරයකිනි.

"මං ඒ කිසි දෙයක් දැනන් හිටියේ නෑ... shit!"

ඇය පවසන්නේ කුමක් ගැන ද යන්න යෙනුල් දැනට ම දනී.

The Deathtrap Where stories live. Discover now