52 පරිච්ඡේදය

1.3K 276 44
                                    

"That's enough."

සන්සුන් ස්වරයෙන් කියූ යේන් ෂමිත් අත වූ හිස් වීදුරුව ඉවතට ගත්තේ ය. මේසයට හිස තබාගෙන සිටි ෂමිත් එය නැවත ගන්නට උත්සහ කළත් යේන්ගෙන් එයට ඉඩක් නොලැබිණි. එයින් බුම්මාගත් ඔහු නැවත හිස මේසය මතින්ම තබා ගත්තේ ය.

"මදි."

ඔහු කීවේ ය.

"කොච්චර ගත්තත් ඔයාට ඇති වෙන්නෑ."

යේන් කීවේ පුටුවේ පිටුපසට හේත්තු වෙමිනි. ෂමිත් මුවින් නොරුස්සන හඬක් පිට කළේ ය. යේන් නිහඬව ඔහු දෙස බලා සිටියේ ය. ඒ වන විට වෙලාව රාත්‍රී අටට ආසන්න ය. ඔවුන් දැන් මෙහි පැමිණත් පැයකට ආසන්න ය. ෂමිත් හිතේ හැටියට මත් පැන් පානය කළත් යේන් එක වීදුරුවකට වඩා නොගත්තේ ඔහු නැවතත් රිය පැදවිය යුතු බැවිනි.

එහි පැමිණියාට පසුවත් ෂමිත් යේන් සමග කතා කරන්නට උත්සහ කළේ නැත. ඔහුට වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් දරා ගන්නට ද හැකි නිසා ඔහුට අවශ්‍ය වූ ලෙස වෙරි වන්නට දිගු වේලාවක් ගත විනි. ඔහු දොඩමළු වන්නට පටන් ගත්තේ එයින් පසුව ය. එය යේන් පෙර සිටම දැන සිටියේ ය. නමුත් ඔහු බීම නැවැත්වූයේ නැත. යේන්ට බලෙන් ඔහු අත වූ වීදුරුව ඉවත් කරන්නට සිදු වූයේ මේ හේතුවෙනි.

යේන් මේසය ඉදිරියේ තිබූ පුටුවෙන් වාඩි වී කකුලක් පිට කකුලක් ද දමාගෙන මේසය මත ඔලුව ගසාගෙන සිටින ෂමිත් දෙස නිහඬව බලා සිටින්නට විය. ඔහුට මීට පෙර නෙවින්ගේ විවාහ උත්සවයේ ෂමිත් වෙරි වූ අයුරු සිහිපත් විය. ඔහුගේ මුවගට නැගුණේ සිනහවකි. වෙරි වූ පසු තම සිතට පැමිණෙන අදහස් අවංකව ප්‍රකාශ කිරීම ෂමිත්ගේ ස්වභාවය යි. ඒ නිසාම ඔහු මේ මොහොතේ සිටියේ කුතුහලයෙනි.

"ඒ යේන්?"

ෂමිත් කතාව පටන් ගත්තේ ය.

"ම්?"

"මං දැන් කාලෙක ඉඳන් අහන්න ඉන්න එකක් අහන්න ද?"

"Go on."

ෂමිත් උගුර පාදා හිස අනෙක් පස හරවා ගත්තේ ය.

"මෙහෙමයි.... ඔයා මුලින් කිව්වේ.... ඔයාට ශාක්‍ය එකෙන් අයින් වෙන්න ඕනේ කියලනේ.... ඒත් දැං මට හිතෙනවා ඔයාට ඕනේ ශාක්‍ය එක පොළවට සමතලා කරගෙනම අයින් වෙන්න කියලා!"

The Deathtrap Where stories live. Discover now