78 පරිච්ඡේදය

1.2K 214 62
                                    

[Warning: ⚠️ Mature content/ Abuse ⚠️🔞🔞]

[In this chapter, there are Sexual content, Strong language and Adult themes. This content can be even considered as rape. So, if these kind of scenes make you uncomfortable or disgusted somehow please skip this. DO NOT proceed any further!]


"යේන්?!"

ෂමිත් තවත් අඩියක් පසුපසට ගත්තේ ය. නාන කාමරය තුළට පැමිණි යේන් දොර වසන්නටවත් උත්සහ කරන බවක් නොපෙනින. සපත්තු මේස් ද ගලවා සිටි ඔහු පැමිණ ඇත්තේ කාමරයටත් පැමිණි පසුව බව ෂමිත් වටහා ගත්තේ ය. ඔහු හැඟීම් විරහිත මුහුණකින් ෂමිත්ට දෙසට ළං විය.

ඔහු තමාට පහර දේවි ද? ෂෙහාන් සමග සිටි මිනිසුන්ට සිදු වූ දේ ෂමිත්ට නැවත නැවත මැවී පෙනෙන්නට විය. කුමක් වුවත් එය හොඳ දෙයක් නොවන බව ඔහුට ඉවෙන් මෙන් වැටහී ගියේ ය. නමුත් යේන් එවැන්නක් කළහොත් තමාට ඔහුව පාලනය කර ගන්නට කුඩා උත්සහයක් හෝ දැරිය හැකි බව ඔහු සිතන්නට විය.

"අ..... "

නමුත් ෂමිත්ට කියන්නට දෙයක්වත් සිතා ගන්නට නොහැකි ය. ඔහු හුස්ම ගත්තේ ද ඉතා වේගයෙනි. ඔහුට කෙල ගිල ගන්නට ද අපහසු ය. මේ දැන් ටිකකට කලින් ඔහු සෝදා ගත් මුව දැන් කෙල පොදක් නැති වන්නට වේලී ගොස් ඇත. අන් සියල්ලටම වඩා ඔහුගේ පීඩනයත්, බියත් වැඩි කළේ යේන්ගේ නිහඬතාවය යි.

ඔහු තවත් අඩියක් පසුපසට ගත්තේ ය. එහෙත් තවමත් විවර කර තිබූ වතුර මල නිසාවෙන් ඔහු එතැනම නැවතිනි. දැනටම ඔහුව බාගෙට තෙමී ඇත. තවමත් ඔහුගේ මුහුණෙන් හා කොණ්ඩයේ තැන තැන වතුර බේරේ.

"යේන්."

යේන් තවත් ඔහුට ළං වන විට, ඔහු අතක් ඉදිරියෙන් තැබුවේ යේන්ව නැවැත්වීමේ අරමුණෙනි. නමුත් තමා දෙසට ෂමිත්ගේ අත දිගු වූ සැනින් යේන් ඔහුගේ අතේ මැණික් කටුවට මදක් ඉහළින් තද කර අල්ලා ගත්තේ ය. එයින් ෂමිත් ක්ෂණිකව තිගැස්සී ගියේ ඔහුගේ නිදහස් අත ඉබේටම මිට මෙළවෙන විට යි. ඒ යේන්ට පහර දීමේ අරමුණින් නොවේ. ඔහුගේ ආත්ම ආරක්ෂාව උදෙසා ය. පහර දුන්න ද එය සාර්ථක නොවන බව ෂමිත් දනී.

"ආව්.... යේන්?! මගෙ අත...."

ඔහු ෂමිත්ගේ අත අල්ලා ගත්තේ ෂමිත්ට පැහැදිලිවම එයින් වේදනාවක් දැනෙන ලෙසිනි.

The Deathtrap Where stories live. Discover now