88 පරිච්ඡේදය

1K 209 80
                                    

"Dubai?"

"Yeah."

"ඇයි මේ වෙලාවේ?"

"හදිස්සියක් නෙවෙයි. ඒක කලින් ඉඳලා plan කරල තිබ්බ එකක්. Usually එහෙ companies වලින් අපේ එකට invite කරනවා එයාලගේ shows වලට. එයාලා එක්ක හොඳ business relationship එකක් තියා ගන්න නං ඉතින් ඒවට යන්න වෙනවා. ඕක annually තියෙන එකක්."

ෂමිත් යේන් දෙස ම බලා සිටියේ ය.

"ආ....."

ඔහු කීවේ නැවතත් සෝපාවේ ඇල වන අතර යි.

"දැං එතකොට ඇයි ඕකට ඔයාම යන්නේ? කලින් ගියේ ඔයා ද?"

"කලින් මං වැඩක් කලේ නැතත් ගියා. මෙහෙ ඉන්න එකට මං කොහොමත් කැමති නැති නිසා මං ඔය වගේ chance අත අරින්නෑ. ගියාම මාස දෙක තුනක් ඉඳලා එන්නේ.... එහෙ මට ඕන දෙයක් කරන්න නිදහස තියෙනව නේ."

"මාස..... තුනක්??"

ෂමිත් නැවතත් ඇසුවේ ය. යේන් සමග කිසිදු කතාවක් බහක් නැතිව දිනයක් ගෙවා ගැනීම කොතරම් අපහසු ද කියා දන්නේ ඔහු පමණි. එවිට මාස තුනක් සිටින්නේ කෙසේ ද? ඔහු සමග තමාගේ ඇති සම්බන්ධය හොඳ අතට හැරී තවම මාසයක්වත් ගත වී නැත.

ඒ අතරතුර යේන්ට තමා සමග වැඩිපුර කාලයක් ගත කරන්නට ඉඩ ලැබුණේ ද නැත. එහෙව් එකේ දැන් ඔහුව තවත් මාස දෙක තුනකට දකින්නට නොහැකි වුවහොත්? ෂමිත්ට දැනුණේ එම මාස දෙක තුන තුළ ඔහුව අතරමං වී ගියාක් වැනි හැඟීමකි.

"නොයෙල්?"

එක් අතකට මෙය සිදු වන එකම අවස්ථාව ද මෙය වන්නේ නැත. යේන් පෙර සිට ම පැවසුවේ ඔහු වෙනත් රටකට යන බව යි. ඔහු මේ අයුරින් ම කැනඩාවට හෝ වෙනත් ඔහු කැමති රටකට නිසැකව ම පිටත් වේ. එවිට තමාට කුමක් සිදු වේවි ද? සැබවින්ම තමන් දැන් ඕනෑවටත් වඩා යේන්ගෙන් යැපෙන්නට පටන්ගෙන ඇති බව ෂමිත් වටහා ගත්තේ ඒ මොහොතේ දී ය.

"නොයෙල්?"

"ආ?!"

ෂමිත්, යේන් දෙස බැලුවේ ඔහුගේ දෙවැනි වර ඇමතීමෙනි.

"What's wrong?"

"අ....."

මීළඟට ෂමිත්ට ඇති වූ ගැටලුව නම්, යේන් විශේෂයෙන්ම එම වචන කිහිපය අසද්දී කුමක් හෝ දෙයක් හේතුවෙන් ෂමිත්ගේ මුලු ගතට ම එය දැනී යාම ය. එයට ඔහුගේ ගැඹුරු, සන්සුන් ස්වරය පමණක් ප්‍රමාණවත් ය. ඒ දෙකම එක් වූ විට ෂමිත්ට එය දැනෙන්නේ අන් සියල්ලටම වඩා ශෘංගාරාත්මකව යි. විටෙක එය යේන් දැන දැන ම කරන්නක් බව ද ඔහුට සිතිනි.

The Deathtrap Where stories live. Discover now