11 පරිච්ඡේදය

1.5K 278 20
                                    

"මොනව ද කන්නේ?"

මෝටර් රථය කිරුළපන ප්‍රධාන පාරට හරවා, එය කොළඹ දෙසට ධාවනය කරන අතර මෙතෙක් වේලා තිබූ දිගු නිහඬතාවය බිඳිමින් යේන් ඇසුවේ ය.

"ඕන දෙයක්."

යේන්ට ෂමිත්ගේ මේ හැසිරීම මුල සිට ම රිස්සුවේ නැත. ඔහු ඇස් කරකවා ඉවත බලා ගත්තේ ය. නැවතත් මද නිහඬතාවයක් ඇති විනි.

"මම කන්නෙ එක ම තැනකින් විතරයි. ඒ අර කලින් restaurant එකම යි. ඒකේ branch එකක් ඉස්සරහ තියෙනවා. ඊට වඩා හොඳ place එකක් තියෙනව නම් දැන්ම කියන්න කට වහන් ඉන්නැතුව."

ෂමිත්ගේ සිතේ මේ වන විටත් තැනක් තිබිණි. ඔහු මීට පෙර එහි පැමිණ තිබුණේ එක් වරක් පමණි. නමුත් එහි කෑමවල රස ඔහුගේ සිතට තදින් වැදී තිබිණ. එහි ඉහළ මිල ගණන් හා එහි යන්නට කාලයක් නොතිබූ හෙයින් ඔහු එහි යාමේ අදහස අත්හැර දැමුවේ ය. නමුත් දැන් ඔහුට එවැනි ගැටලුවක් නැත. අනෙක මෙවැනි අවස්ථාවක් ලැබී තිබිය දී එය මග හැර ගැනීම අපරාධයකි.

"Place එකක් තියෙනවා."

යේන් ෂමිත් දෙස බැලුවේ ය.

"කොහෙ ද?"

"තව ඉස්සරහ. මං තැන පෙන්නන්නම්."

ඔහු වීදුරුවෙන් පිටත බලාගෙන ම කීවේ ය.

"මොකක් ද එතන තියෙන විශේෂත්වෙ?"

"ඒක Chinese restaurant එකක්. මං එක පාරයි කාලා තියෙන්නෙ. අවුරුද්දකට විතර කලින්. ඒත් මට තාම කෑමවල රහ මතකයි."

"Chinese?"

යේන් නැවත ඇසී ය.

"ඇයි Chinese කෑමවලට කැමති නැද්ද? නැත්තන් ඔයා කියපු තැනට යං."

"නෑ. මං එච්චර Chinese කෑම කාලා නෑ."

"එහෙනම් අද කාලා බලන්න."

ෂමිත් යේන් දෙස බලා කීවේ ය.

"හ්ම්."

යේන් හිස ද සොලවා එයට කැමැත්ත පළ කළේ ය.

"ඔතනින් ටිකක් ඉස්සරහ...."

ෂමිත් අත දිගු කර පෙන්වමින් කියන විට යේන් වාහනයේ වේගය අඩු කළේ ය.

................................

"Favourite dish එක මේක ද?"

යේන් ඇසුවේ ඔහු ඉදිරියේ මේසය මත ඇති නූඩ්ල්ස් සහිත සුප් බඳුන දෙස බලමිනි.

The Deathtrap Where stories live. Discover now