9 පරිච්ඡේදය

1.6K 271 24
                                    

[Mature Content ⚠️🔞]

"යේන්?!"

ෂමිත්ගේ අත යේන්ගේ පපුව හරහා තැබීම නිසා ඔහු මදකට නැවතී, හිස එලෙසම නවාගෙන, දෑස් පමණක් ඔසවා ෂමිත් දෙස බැලුවේ  ය. 

'මං දැනට ම තමුසෙට ලක්ෂ ගානක් වියදම් කරල ඉවරයි!! ඒත් තමුසෙට බෑ එක වැඩක් හරියට කරන්න.....'

ෂමිත්ගේ ඔලුව ඇතුළින් යේන්ගේ කෝපාන්විත වචන ඇසෙන විට ඔහුගේ ගෙලට පෙර දින දැනුණු යේන්ගේ ශක්තිමත් ඇඟිලිවල දැඩි ග්‍රහණය ද දැනිණ. ඒත් සමග යේන්ගේ පපුව හරහට තබාගෙන, යේන්ව නවත්වාගෙන සිටි ඔහුගේ අතේ දරදඬු ද බව ලිහිල් විය. කිසිදු බලයක් යෙදීමෙන් තොරව ඔහු  අත එලෙස ම තබා ගත්තේ ය. ඔහු තව දුරටත් තමන්ව නවත්වන්නට උත්සහ නොකරන බව වටහා ගත් යේන් මොහොතක් හෝ පමා නොවී ඔහුගේ දෙතොලින් ෂමිත්ගේ දෙතොල අල්ලා ගත්තේ ය.

ෂමිත් ක්ෂණිකව කෙළින් වූයේ ඔහුගේ කොන්ද දිගට හිරිවැටී යාමත් සමග ය. ඔහු දෑස් තද කර පියා ගත්තේ ය. දෙතොල් එකිනෙක තද කර ගත්තේ ය. එපමණක් නොව ඔහුගේ හුස්ම ගැනීම ද හැකි තරම් නවත්වා ගන්නට ඔහු උත්සහ දරන්නට විය. ඔහුට මේ පිළිබඳව කිසිදු අත්දැකීමක් නොතිබුණෙන් ඔහු ඒ අවස්ථාවේ දැඩි සේ අපහසුතාවයට පත් වී සිටියේ ය. 

ෂමිත්ගේ ගල් ගිල්ලාක් වැනි හැසිරීමෙන් තෘප්තිමත් නොවුනු යේන් දොරට තබාගෙන සිටි එක් අතකින් ෂමිත්ගේ හිසේ පිටුපසින් අල්ලා ගත්තේ ය. ඒත් සමග ෂමිත්ගේ හිස නිරායාසයෙන්ම මදක් ඉහළට එසවිනි. යේන්ගේ දිගු ඇඟිලි ෂමිත්ගේ හිස පිටුපස සිට ඔහුගේ ගෙල දක්වා පැමිණෙන විට ෂමිත් මෙතෙක් වේලා සිර කරගෙන සිටි හුස්ම ඉබේටම පහළට වැටිණි. ඔහුට වේලී තිබූ උගුරෙන් කෙල ද ගිලින. ඒ ක්ෂණිකව ෂමිත්ගේ විවර වූ දෙතොල් නිසි ආකාරයෙන් තම දෙතොලින් ඩැහැ ගත් යේන් ෂමිත්ව දැඩි ව සිප ගත්තේ ය. 

තම ජීවිතයේ තවත් පිරිමියෙකු ඉදිරියේ තමන් මෙතරම් දුර්වල වූ පළමු අවස්ථාව මෙය යැයි ෂමිත්ට සිතිනි. මොහොතක් ගත වන විට ෂමිත් සම්පූර්ණයෙන් ම යේන්ගේ පාලනයට නතු වී තිබිණ. ෂමිත් යේන්ව නවත්වන්නට උත්සහ නොකර ඔහුට අවශ්‍ය ලෙස තමාව සිප ගන්නට ඉඩ හැර තිබිණි. ඔහු යේන්ගේ සිප ගැනීම අතරින් ලැබෙන කුඩා ඉඩෙන් අපහසුවෙන් හුස්ම ගන්නට උත්සහ කරන්නට විය. නමුත් ඒ අතරින් ඔහුට දැනුණේ යේන්ගේ වේගවත් හුස්මත්, ඔහුගේ සැර විලවුන් සුවඳත් ය.

The Deathtrap Where stories live. Discover now