38 පරිච්ඡේදය

1.4K 264 12
                                    

ඊළඟ දිනයේ යේන් උදෑසන ම ෂමිත්ගේ නිවසින් පිට වී ගියේ උදේ ආහාරයවත් නොගෙන ය. යේන්ව තව දුරටත් නවත්වා ගන්නට ද ෂමිත්ට කිසිදු උවමනාවක් තිබුණේ නැත. ඔහු නැවතත් මේ ගනුදෙනුවට අත ගැසූ මොහොතේ ඉටා ගත් දේ සිහියට නගා ගත්තේ ය. 

'මේ deal එකෙන් පස්සේ මේ සම්බන්ධේ ඉවරයි. යේන්ට යාලුවො වගේ ඉන්න බැරි නම් එතනින් එහාට මුකුත් නෑ. පුලුවන් ඉක්මනට ඔය family එකෙන් ඈත් වෙන්නයි ඕනේ.....' 

නමුත් ඊළඟ මොහොතේ යේන් ඔහුව බේරන්නට ගොස් තුවාල සිදු කර ගත් අයුරු සිහි වන විට ඔහුට දැනුණේ තමන් සැබැවින්ම අකෘතඥතෙකු බව යි. නමුත් ඔහුට ඒ ගැන සිත සිතා ඉන්නට එතරම් කාලයක් නොලැබිණ. ඔහු සිතුවාට වඩා ඉක්මනින් උසස් පෙළ විභාගය ආරම්භ විය. නමුත් ඔහු යේන්ට කෙටි පණිවිඩයක් යවා ඔහුගේ අතේ තත්ත්වය පිළිබඳව විමසන්නට අමතක නොකළේ ය. යේන්ගෙන් එයට ලැබුණේ තමන් හොඳින් බව පවසන පිළිතුරුම පමණි. ඔහු අවසානයට කීවේ නැවත විභාගය අවසන් වන තෙක් තමන් ඔහු හමු වීමට නොපැමිණෙන බව ය. විභාගයට පෙර දින රාත්‍රියේ ද ඔහුට යේන්ගෙන් පණිවිඩයක් ලැබිණි. 

'Good luck and do your best. Don't worry about other things. No need to go to the police either. Nothing will happen like before. You can fully focus only on exam.' 

ෂමිත්ගේ විභාගය අවසන් වන තෙක් ම යේන්ගෙන් වෙනත් කිසිදු පණිවිඩයක් නොපැමිණියේ ය. ඔහු පැවසූ අයුරින් ම කිසිවක් සිදු වූයේ ද නැත. ඔහු මෙතරම් නිවී සැනසිල්ලේ විභාගයකට ගිය පළමු වතාව මෙය විය. ඒ අතර ඔහුට ප්‍රශේන්ගෙන් ද ලැබුණු පණිවිඩය දකින විට ඇති වූයේ සතුටකි. එහි ඔහුට කිසිදු ගැටලුවක් නැති බවත් අම්මා නැවත පැමිණි බවත් සඳහන් විය. මෙලෙස ෂමිත්ගේ විභාගය අවසන් වන තෙක් සියල්ල ඉතා සන්සුන් අයුරෙන් සිදු විය. එය ෂමිත්ගේ සිතේ චකිතයක් ඇති නොකළාම නොවේ. නමුත් ඔහු ඒ පිළිබඳව එතරම් තැකුවේ නැත. වෙනසක් සිදු වූවා නම් ඒ එකම එක සිදුවීමකි. 

ඔහුට විභාගය ආරම්භ වී දෙවන දිනට පෙර ඔහුගේ නිවස ඇති මහලේ ම තවත් නිවසක් පුද්ගලයෙකු විසින් කුලියට ගෙන තිබිණි. ඔහු එම කෙනා කවුරුන්දැයි නොදුටුවත් කට කතාවලින් ඔහුට ආරංචිය පැමිණ තිබිණි. විභාගය අවසන් වූ දිනට පසු දින ඔහු නිවසින් එලියට බැස්සේ නැත. ඔහු සිදු කළේ ඇති වන තෙක් නිදා ගැනීම ය. පසුව ඔහුගේ කාමරය මදක් අස් පස් කර දමන්නට ද ඔහු අමතක නොකළේ ය. ඊළඟ දිනයේ ඔහුට ඔහුගේ මිතුරන්ගෙන් ආරාධනාවක් ලැබිණි. විභාගය අවසන් කිරීමේ සතුට සැමරීමේ වරදක් නැති බව ඔහුට සිතිනි. එබැවින් ඔහු, ඔහුගේ නුගේගොඩ පන්තිවල ඔහුගේ මිතුරන් සමග එක් විය. ඒ අතර ඔහු යේන්ට පණිවිඩයක් යවන්නට ද අමතක නොකළේ ය. ඒ දැන් ඔහු නිදහස් බව පවසමිනි. 

The Deathtrap Where stories live. Discover now