138 පරිච්ඡේදය

640 145 104
                                    

"ඔව් මං මේ එන්න හදන්නේ."

තම ෂර්ටයේ බොත්තම් පියවමින් ම ෂමිත් කනේ තබාගෙන සිටි දුරකථනයට පිළිතුරු දුන්නේ ය.

"මං එයාවත් අරන් එන්නේ. මනෙත් ඇවිල්ලා ද ඉන්නේ?"

එයට ලැබුණු පිළිතුරෙන් ඔහු සෑහීමට පත් වූ බව පෙනින.

"මං එන ගමන් බැංකුවට යනවා. අද උදේ ම මට කතා කරලා ඇහුවා වැඩට එන්නැද්ද කියලා. මං දවස් ගානකින් ගියේ නෑ. දැන් යන ගමන් resignation එක දීගෙන යන්න ඕනේ. ඒ ගෑනි කිව්වේ එකොළහට කියලා නේ. තාම අටහමාරයි නේ."

තම ඇඳුම් අල්මාරියේ උඩ ම වූ නිල් පැහැති ටයි පටිය ද ඩැහැගත් ෂමිත් එය එලෙසම කලිසම් සාක්කුවේ ඔබා ගත්තේ ය.

"ඔව්, මං කතා කළා. හ්ම්... හරි. මං තියන්නම්."

දිගු සුසුමක් පිට කළ ෂමිත් දුරකථනය සාක්කුවට දමා ගෙන තම හිසකෙස් දෑතින් ම හිස පිටුපසට කර ගත්තේ ය. මීළඟට ඔහු තවත් තප්පර කිහිපයක් එලෙසම කැඩපතෙන් පෙනෙන ඔහුගේ ප්‍රතිභිම්බය දෙස බලා සිටියේ ය. මීළඟට ඔහුගේ දෑස් යොමු වූයේ කණ්ණාඩි මේසය මත වූ ඔහුගේ අත් ඔරලෝසුව වෙත යි. එය පළඳින්නට මෙදින ඔහුට කිසිදු කැමැත්තක් නොවිනි. එය රැගෙන ලාච්චුවකට දැමූ ඔහු කාමරයෙන් පිට විය.

ඔහු සාලයට පැමිණෙන විට ඔහුගේ මව, සෝපාවෙහි ඇල වී, දෑස් පියාගෙන සිටියා ය. ෂමිත් ඇයට කතා කළේ නිවසින් පිට වන්නට ඔන්න මෙන්න තිබිය දී යි. පෙර දින ෂමිත් සමග වැඩ ගණනාවකට යාමට සිදු වූ බැවින්, නින්දක් නොලබා ෂමිත් මෙන් ම ඇය ද වෙහෙස වී සිටියා ය.

"යං."

ෂමිත් කීවේ උස් හඬෙනි. ඇය නිහඬව එයට කීකරු වූවා ය. රියැදුරු බලපත්‍රයක් නොතිබුණත් ෂමිත්ට කිසිදු කරදරයක් නොමැතිව යේන්ගේ වාහනය පදවන්නට හැකි විනි. වාහනයට ගොඩ වූ පසුව ෂමිත් හා ඔහුගේ මව අතර කිසිදු කතා බහක් ඇති නොවිනි.

මිනිත්තු විස්සකින් පමණ තමා රැකියාව කළ බැංකුව ඉදිරිපිටින් වාහනය නැවැත්වූ ෂමිත් සාක්කුවට අත දමා ඔහු ගෙන ආ ටයි පටිය අතට ගත්තේ බැංකුවේ කළමනාකරු ඉදිරියට යාමට පෙර එය අවශ්‍ය බව සිතුනු නිසාවෙනි. මේ වන විටත් ඔහු ලා නිල් පැහැති ෂර්ටයක් කලිසමට යට කර ඇඳ සිටියේ ය.

The Deathtrap Where stories live. Discover now