46 පරිච්ඡේදය

1.3K 271 37
                                    

කතාවෙන් කතාව ෂමිත්ගේ නිවසට ම පැමිණි ඔවුන් වාහනයෙන් බැස්සේ ඒ වන විට වර්ෂාව අඩු කර තිබූ නිසාවෙනි. නැතිනම් කුඩයක් අහලකවත් නොවූ ඔවුන්ට නැවතත් සිදු වන්නේ පෙර දින මෙන් නා ගන්නට ය. 

"එනව ද ඇතුළට?" 

ෂමිත් ඇසුවේ යේන් දෙසට හැරෙමිනි. 

"දැන් මං ආවට කමක් නැද්ද?" 

"අවුලක් නෑ. රැයක් හිටපු එකේ දැන් කොහොමත් අවුලක් නෑ. මේ පැත්තම දන්නව ඇති දැන් ඔයා කවුද කියලා." 

ෂමිත් කීවේ පඩිපෙළ දෙසට යන අතර ය. වාහනය අගුලු දැමූ යේන් ද ෂමිත් පසුපස ආවේ යතුර දබර ඇඟිල්ල වටා දමා එක් අතක් සාක්කුවක ද රුවා ගනිමිනි. 

"මං? කවුරු කියල ද?" 

"වෙන කවුද. මං මේ දවස්වල නිදා ගන්න එකා කියල තමා!" 

ෂමිත් ගනනක් නැතිව කියා දැමුවේ ය. 

"ඉතින් ඔයාට ඒක අවුලක් නැද්ද?" 

"මට ඔය කතාව කියන්නේ ඔයාව හම්බුවෙන්නත් කලින් ඉඳල නේ. ඒක මට ගානක් නෑ. ඔයාට ගානක් නැත්තම් එච්චරයි." 

"මට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. මට ඕනෙ වෙලා තිබ්බෙත් ඒකනේ. ඒ නැතත් දැං ඔයා සිරාවටම මාත් එක්ක එක night එකක් හරි නිදා ගත්ත නේ. ඒ කතාව බොරුවක්මත් නෙවෙයි." 

යේන් පඩිපෙළ නගින අතර කීවේ සිනාසෙමිනි. 

"ඔන්න කිව්වා කතාවක්...." 

කලකිරුණු හඬින් කියූ ෂමිත් ඔහුගේ යතුරෙන් නිවසේ දොර විවර කර යේන්ට එහි පැමිණීමට ඉඩ ලබා දුන්නේ ය. 

"මට වැඩි වෙලා ඉන්න බෑ. විරාජ් අරෙහේ මැරිල ද දන්නෑ වැඩ ටික handle කර ගන්න බැරුව." 

"එහෙනම් ඔයා ඒකට responsibility එක ගන්නෝනේ." 

ෂමිත් කීවේ සිනාවක් සමග ඔහුගේ කාමරය දෙසට යමිනි. සාලයෙන් නැවතුනු යේන් ඔහුගේ දුරකථනය අතට ගෙන එහි තිරයේ යමක් සටහන් කරන්නට විය. ඉක්මනින් කොට කලිසමකට මාරු වූ ෂමිත් සාලයට පැමිණියේ යේන්ගෙන් යමක් ඇසීමේ අරමුණෙන් වුවත් එය නොඇසූ ඔහු කෙළින් ම කුස්සියට ගියේ යේන්ව ද පසු කරගෙන ය. යේන් එදෙසට යන්නට සැරසුණත් අතරමග නැවතුනේ විවර කර තිබූ දොරෙන් ඇතුළට පැමිණි හඬ හේතුවෙනි. 

The Deathtrap Where stories live. Discover now