106 පරිච්ඡේදය

753 166 27
                                    

පෙර දින සිදු වූ සිදුවීමෙන් පසු යේන් පැවසූ අයුරන් ම ෂමිත් නිවසින් පිටතට ගියේ නැත. ඔහු ගියේ රැකියාවට පමණි. එයට එතරම් දුරක් නොතිබිණි. ඒ වෙනුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ඔහුට යේන්ගේ ආරක්ෂකයෙකුගෙන් ප්‍රවාහන පහසුකම් ද ලැබිණි. එබැවින් ඔහුගේ ආරක්ෂාව ගැන ඔහුගේ සිතට බියක් ද නොවීය. යේන් පැවසූ ලෙස ම කටයුතු කළත් මෙතැන අනාරක්ෂිත බව ඇත්තේ තමාට නොව යේන්ට බව ෂමිත් දනියි.

ඒ සිද්ධියෙන් පසු ඔහුට දින දෙක තුනකින් යේන්ව දකින්නට නොහැකි විය. ඔහුගෙන් ඇමතුමක් ද පෙර මෙන් දෛනිකව පැමිණියේ නැත. නමුත් යේන්ට බාධා වන ලෙසට කටයුතු කිරීම ෂමිත් හැකි තරමින් අවම කළේ ය. එබැවින් ඔහු බලා සිටියේ යේන්ගෙන් පණිවිඩයක් පැමිණෙන තුරු යි. යේන් අවසානයේ පැවසුවේ ඔහු ආයතනය තුළ ම නවතින නිසාවෙන් ඔහුගේ ආරක්ෂාව ගැන වද නොවිය යුතු බව යි. 

පෙර දී ආයතනය තුළ වූ ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව ද ෂමිත් දනියි. එය අවසන් වන විටම තවත් කරදරයක් ඔවුන්ගේ දෙකකුල් අසල ය. එයින් අනතුරක් නොවී බේරුනේ ද යේන්ගේ අවධානය වැඩිකම නිසාවෙන් ම ය. එක් අතකට යේන් මෙලෙස සෑම විටම දැඩි අවධානයකින් සිටීම සාධාරණ ය. ආයතනය තුළ සිටියත් යේන්ගේ මනස මේ වන විට ඇත්තේ දැඩි පීඩනයකින් බවත් ෂමිත් දනී. එබැවින් ඔහු සිටියේ යේන්ගෙන් කුමක් හෝ පණිවිඩයක් පැමිණෙන තුරු යි. 

රැකියාව ගොස් පැමිණි ඔහු ඇඳට වැටී බලා සිටියේ දුරකථනය දෙස ය. ඔහු එහි උඩට පහළට ගියේ කරන්නට කාර්යයක් ඇතිව නොවේ. එය මුහුණ ඉදිරියට අල්ලාගෙන සිටි ඔහුගේ අතින් එය එක්විටම ගිලිහී ඔහුගේ ගත මතට ම වැටුණේ ඉතා අනපේක්ෂිත ලෙස එය නාද වන්නට වූ නිසාවෙනි. ඒ සැනින් ඔහු එය ගෙන ඇමතුම කාගෙන්දැයි පිරික්සා බැලී ය. එය ඔහු දන්නා හඳුනන අංකයක් නොවේ. ඔහු එය හෙමීට කනේ තබා ගත්තේ තරමක චකිතයෙනි.


"Hello?" 

"Hello ෂමිත්?" 

ඒ හඬ ඔහුට හුරු පුරුදු ය. ඒ හඬෙහි වූ යම් කිසි නොසන්සුන්තාවයක් ඔහුට ඒ මොහොතේම වටහා ගත හැකි විය. 

The Deathtrap Where stories live. Discover now