124 පරිච්ඡේදය

748 164 36
                                    

"අයියේ ඔයාගේ අත?!"

ෂමිත් උස් හඬින් කීවේ රියැදුරුගේ සුදු පැහැ ෂර්ට් අත රත් පැහැ වී තිබීම දැකීමෙනි. එයින් යේන්ගේ අවධානය ද එයට යොමු විය. 

"ඒක අවුලක් නෑ Sir. යන්තම් තුවාල වෙලා විතරයි." 

ඔහු කීවේ රිය ධාවනය කරන අතර ම යි. ඔහුගේ හැසිරීම දුටු විට එය එතරම් ලොකු තුවාලයක් බව සිතිය නොහැකි ය. නමුත් ෂර්ට් අත දුටු ෂමිත් නිරායාසයෙන් ම බිය විය.

"පොඩියි වගේ පේන්නෑ! Bullet එකක් වැදුන ද?!" 

ඔහු ඇසුවේ උස් හඬිනි. 

"වැදුනා නෙවෙයි යන්තම් ගෑවිලා ගියේ. හීරිලා විතරයි." 

ඔහු කීවේ සන්සුන් ස්වරයෙනි.

"ඒත්-"

"Sir. මං කරන්නේ driving විතරක් උනත් මේක අපේ job එකේ කොටසක්. ඒ නිසා මට මේ ගැන බලා ගත්තැහැකි ඔයාලාව safety එක තියෙන තැනකට අරන් ගියාට පස්සේ." 

ඔහු පැහැදිලි කළේ ය. නමුත් එය ෂමිත්ට ප්‍රමාණවත් නොවී ය. ඔහු යේන් දෙස බැලුවේ රියැදුරුට කතා කරන ලෙස පවසන්නාක් මෙනි. නමුත් යේන් නිහඬව ම අසුනට හේත්තු විය. 

"යේන්?" 

"It's their job." 

ඔහු කීවේ එපමණකි. එයින් ෂමිත්ගේ සිතට කේන්තියක් නොනැගුනා නොවේ. කිසිදු අදාළත්වයක් නැති අයෙක් ඔවුන්ව බේරා ගන්නට පැමිණ තුවාල කර ගැනීම ෂමිත්ගේ සිතට කරදරයකි.

"යේන් Sir අපිට ගෙවන්නේ ඒකට. ඒ නිසා මගෙ තුවාල ගැන worry වෙන්න එපා." 

ඔහු නැවතත් කීවේ ෂමිත්ව අස්වැසීමේ අරමුණෙනි. තවත් කතා කර එලක් නැති බව තේරුම් ගත් ෂමිත් නිහඬ වෙමින් පිටුපසට හේත්තු විය. ඒ මොහොතේ ම යේන්ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තෙන්, මොහොතකට නිහඬතාවයෙන් ගිලී තිබූ වාහනයේ සිටි තිදෙනා ම මදක් ගැස්සී ගියහ. ඒ දෙස බැලූ යේන් එය ක්ෂණිකව කනේ තබා ගත්තේ ය.

"Yeah?"

............

"මොකා?!"

ඔහුගේ ස්වරයට ෂමිත්ගේ මෙන් ම රියැදුරුගේ අවධානය ද යොමු විනි. 

"පැන ගත්ත ද?!"

............

"කීයට විතර ද?" 

The Deathtrap Where stories live. Discover now