19 පරිච්ඡේදය

1.4K 273 18
                                    

"යේන්?" 

මෙතෙක් වේලා නිහඬව වීදුරුවට හිස හේත්තු කර ගෙන සිටි ෂමිත් කතා කළේ හිස හරවන්නට උත්සහ නොකරමිනි. යේන් ඔහු දෙස බැලුවේ ය. 

"Wedding එකට media එකෙන් එහෙම එනව ද?" 

"නෑ. මේකට එන්නෑ. Just a photographer." 

"මේකට?! ඒ කියන්නෙ තව එකක් තියෙනව ද?!" 

"Second day තියෙනවා. මං යන්නෑ." 

මද නිහඬතාවයකින් පසුව ෂමිත් නැවත කතා කළේ ය.

"මට මේකට යන්න කිසිම invitation එකක් නෑ." 

"No problem. ඔයා යන්නෙ මාත් එක්ක." 

"කීදෙනෙක් විතර එනව ද?" 

"වැඩිය නෑ media එක නැති නිසා. හැත්තෑවක් අසූවක් වගේ. Second day is the show off! මේක party එකක් වගේ. ළඟින් ම ආශ්‍රය කරන අයට."

ෂමිත්ට යන්තම් සහනයක් දැනිණි. නමුත් තමාව ඉක්මනින්ම සමාජ මාධ්‍ය හරහා හෝ ප්‍රසිද්ධ වන බව ඔහු දැන සිටියේ ය. ඔහුට අවශ්‍ය වූයේ එතරම් අවධානයකට ලක් නොවී එතැනින් පැන ගන්නට ය.

"කොච්චර වෙලා ඉන්න plan කරනව ද?" 

"මට එක තත්පරයක්වත් ඔතන ඉන්න ඕන නෑ. ඒත් කවුරු හරි pissed off වෙනකන් ඉන්න වෙනවා."

"ඒ කියන්නෙ ඒ වෙලාවෙම ආපහු එනව නේද?" 

"ඔව්." 

එයින් මදක් සෑහීමකට පත් වූ ෂමිත් නැවතත් වීදුරුවෙන් පිටතට ඔහුගේ නෙත් යොමු කළේ ය. අන් සියල්ලටම වඩා ඔහුට දිගු වේලාවක් මේ ඇඳුම හැඳගෙන සිටින්නට නොහැකි බව ඔහු දැන සිටියේ ය. ඔහු ගැඹුරු හුස්ම ගැනීම අවම කර කෙටි හුස්ම ගන්නට ද උත්සහ කළේ ඒ නිසාවෙනි.

............................... 

"එන්න." 

හෝටලයේ රථ ගාලෙන් මෝටර් රථය නවත්වා එයින් බසින අතර යේන් කීවේ ය. 

'ඕන මගුලක් උන දෙන්!'

සිතින් තමාට ම කියා ගත් ෂමිත් දොර විවර කර රථයෙන් බැස්සේ ය. දිගු වේලාවක් දෙකට නැවී සිට නැවත කෙළින් වන විට ඔහුගේ මුළු සිරුර ම වේදනා දෙන්නට පටන් ගත්තේ ය. කෙටි හුස්ම ගනිමින් සිටි ඔහුට සිට ගත් විට නොදැනීම දිගු සුසුමක් පිට විනි. 

The Deathtrap Where stories live. Discover now