91 පරිච්ඡේදය

1K 207 69
                                    


"ඉක්මනට ඕකෙන් එලියට එනවා!"

වාහනයට මදක් ඈතින් කුමාර්ව බිම දිගා කළ යේන් ඔහුගේ පපුවට හිස තබා ඔහු ජීවතුන් අතරදැයි පරික්ෂා කර බැලී ය. ඉතා සෙමින් ගැහෙමින් තිබූ ඔහුගේ හදවතෙහි ගැස්ම හඳුනා ගන්නට යේන්ට තවත් තප්පර දෙකක් පමණ ගත විය. ඔහු ජීවතුන් අතර බව තහවුරු කර ගත් යේන් හති හලමින් නැවත වාහනය දෙස බැලී ය.

ෂමිත් තවමත් වාහනයේ ඉදිරි කොටසින් එලියට දෑත් තබා එයින් පිටතට ඒමට උත්සාහ කරයි. වාහනයට තරමක් ඈතින් සිටි යේන්ගේ දෑසට හසු වූයේ වාහනයේ යටින් පෙනුණු ලා කහ පැහැති සියුම් ආලෝකයකි.

"Shit! Shit! Shit!"

වේගයෙන් නැවත වාහනය වෙතට දිව ගිය ඔහු බිඳී තිබූ ඉදිරි වීදුරුවේ ඉඩ අතරින් පිටතට පැමිණ තිබූ ෂමිත්ගේ බාහු දෙකෙන්ම අල්ලා ගත්තේ ය.

"යේ-"

"එලියට එනවා!"

යේන්ගේ හඬ ගෙරවීමක් හා සමාන ය. ඔහුගේ උපකාරයෙන් ෂමිත් වාහනයේ ඉදිරි කොටසින් ඔහුගේ සිරුර පිටතට දමා ගත්තේ ය. ඒ සැනින් ඔහු, ෂමිත්ගේ දෑත් යටින් ඔහුගේ දෑත් යවා ෂමිත්ව තරමක් ඔසවා පිටතට ඇද ගත්තේ ය. මීළඟට ඔහු එලෙසම ෂමිත්ව ද ඇදගෙන අඩි ගණනාවක් පසුපසට ගොස් වාහනයෙන් ඈත් විය. ඔවුන්ට පසෙකින් වූ කුමාර්ගේ සිරුර අසල දණ ගසාගෙන තවමත් දුරකථනය කනේ තබාගෙන එයට පිළිතුරු දෙමින් සිටි මුරකරු ද දෑස් ලොකු කර ගෙන මේ දෙස බලා සිටියේ ය.

ඒ සැනින් වාහනයේ ඉදිරි කොටසෙහි යටි පසට ගිනි ඇවිලිනි. තවමත් ෂමිත්ගේ අත, අත් නොහැරම, හති හලමින් ඒ දෙස බලා සිටි යේන්ට සැනසුම් සුසුමක් පිට වූයේ ඒ මොහොතේ යි. කුමාර් සිංහපෘථිවිව බේරා ගන්නට ස්ව කැමැත්තෙන්ම මහා වීර ක්‍රියාවක් කළත් ගිනි ඇවිලෙන වාහනයෙන් අවසාන මොහොතේ එලියට පැන ගත් ෂමිත් මේ වන විට සැබැවින්ම බිය වී සිටියේ ය. මුලු මනින්ම ගිනි ඇවිලෙමින් තිබූ වාහනයේ ඉදිරි කොටස දෙස ගොලු වී මෙන් බලා සිටි ෂමිත්ගේ අත ද මේ වන විට වෙව්ලමින් තිබිණි.

ඒත් සමග යේන් තමන් අල්ලාගෙන සිටි ෂමිත්ගේ අත ඉහළට කර බැලී ය. අතේ ඇඟිලි මුල අස්ථි නොරා ඇති කොටස තුවාල වී තවමත් ලේ වැක්කෙරෙමින් තිබිණි. මීළඟට ඔහුගේ දෙනෙත් ෂමිත් වෙතට යොමු විනි. එම බැල්ම දුටු ෂමිත් ක්ෂණිකව ඔහුගේ අත ඔහු වෙතට ඇද ගන්නා අතරම යේන්ගෙන් අඩියක් පමණ ඈත් වූයේ නිරායාසයෙන්ම මෙනි.

The Deathtrap Where stories live. Discover now