42 පරිච්ඡේදය

1.3K 241 7
                                    

[අවුරුදු 17කට පෙර]

"තාත්තේ සීයට මොකක්ද වෙලා කියන්නේ?" 

යේන් ඇසුවේ තම පියා සමග පාසල ඇරී නිවසට පැමිණෙන අතර ය. කුමාර් වාහනය පදවන අතර ම යේන් දෙස බලා පිළිතුරු දුන්නේ සුසුමක් පිට කරමිනි. 

"Kidney disease. සීයගේ වකුගඩු දෙකම හරියට වැඩ කරන්නෑලු." 

යේන් අපහසුවෙන් කෙල ගිල ගත්තේ ය. ඔහු හිසේ දමාගෙන සිටි කැප් තොප්පිය ගලවා අතට ගෙන එය ගුලි කර ගත්තේ ය. ඔහු සිටියේ සුදු පැහැති කොට කලිසමකින් හා සුදු පැහැ ෂර්ටයකින් සමන්විත පාසල් නිල ඇඳුමෙනි. ඒ වන විට යේන්ගේ පියා කුමාර් ද මැදි වයසේ, කඩවසම් පියෙකි.

"බය වෙන්න එපා. අපි බලමු කරන්න පුලුවන් හැමදේම කරලා. වකුගඩුවක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ." 

ඔහු යේන්ව අස්වසන්නට උත්සාහ කරන්නට විය. ඔහු සැබවින්ම යේන් මෙන් ම යේන්ගේ සීයා පිළිබඳවත් දැඩි සේ කරදර වන, ඔවුන් පිළිබඳව ඉඩ ලැබෙන සෑම විටකම සොයා බලන කෙනෙකි. තම පියාගේ වචන කුඩා යේන්ගේ සිතට ගෙන ආවේ බලාපොරොත්තුවකි. ඔහු තවත් කිසිවක් නොකියා වාහනයේ වීදුරුවෙන් පිටත බලා ගත්තේ ය. 

.......................................

"යේන් bag එකත් අරන් කාමරේට යන්නකෝ. මං hospital එකට ගිහින් එන්නම්." 

කුමාර් කීවේ යේන්ගේ බෑගය දොර හැර ඔහු අතට දෙමිනි. මහල් තුනක නිවස ඉදිරිපිට ගේට්ටුව අසල සිටි යේන් බෑගය ඔහුගේ දෑතට ම ගෙන කතා කරන්නට වූයේ බැගෑපත් මුහුණෙනි. 

"තාත්තේ මාවත් එක්කන් යන්නකෝ."

"අද එක්කන් යන්න වෙන්නෑ. අද මං එහෙමම company එකටත් යන්න ඕනේ යේන්. ඊළඟ පාර අනිවාරෙන් එක්කන් යන්නම්. හා ද?" 

යේන්ගේ මුහුණේ තිබූ බුම්මාගත් පෙනුමේ අඩුවක් නොවී ය. 

"I promise. ඊළඟ පාර දෙන්නම යමු." 

එයට අකමැත්තෙන් වුවත් හිස සෙලවූ යේන් ගේට්ටුවත් ඇරගෙන ඇතුළට ගියේ පොත් බෑගය මිරිකා අල්ලාගෙන ය. ඔහු නිවසේ දොර හැරගෙන යන විටත් සාලයේ පුටුවක හිඳගෙන සිටි ඔහුගේ මිත්තණිය ඔහු දෙස බලා යන්තම් සිනහ වූවා ය. ඔහුගේ මව, මාලියා බොහෝ විට නිවසෙහි නොසිටියා ය. ඔහු ද එලෙසම සිනාවකින් ප්‍රතිචාර දක්වා පඩිපෙළ නැග ඔහුගේ කාමරයට ගියේ ය. 

The Deathtrap Where stories live. Discover now