18 පරිච්ඡේදය

1.4K 273 14
                                    

විනාඩි හතළිස් පහකින් පමණ ෂමිත් රැගත් වාහනය විත් නැවතුනේ යේන්ගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට ය. ඔහු නැවත මෙහි පැමිණෙන්නට කිසි ලෙසකවත් සිතුවේ නැත. මදක් ගේට්ටුව දෙස බලා සිටි ඔහු වාහනයෙන් බැස්සේ ය. එයින් බසින්නට ද ඔහුට යම් තරමක වෙලාවක් ගත විනි.

වාහනය ඒ මොහොතේම පිට වී ගිය අතර ෂමිත් ගේට්ටුව දෙස බලා සිට ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තේ ය. නමුත් ඒ සමගම කොහේ හෝ සිට ගේට්ටුව අසලට දුවගෙන පැමිණි පුද්ගලයෙකු එය දුරස්ථ පාලකයකින් විවෘත කළේ ය. ඔහු නිවසේ පිටත වැඩ කරන පුද්ගලයා බව ෂමිත් හඳුනා ගත්තේ ය. ෂමිත් ඇතුළට යාමට පෙර මදක් පැකිලුනේ ය. 

"Sir විතරයි ගෙදර ඉන්නෙ. ඇතුළට යන්න Sir." 

ඒ පුද්ගලයා කියන විට ෂමිත් ඔහු දෙස බැලී ය. 

"මට Sir කියන්න එපා." 

කියූ ඔහු දොර දෙසට ගියේ නිවසේ වෙනත් කිසිවෙකු නැති බව අසා සැනසුම් සුසුමක් පිට කරමිනි. ඔහු නිවසේ සීනුව නාද කළේ ය. එවිට ම එය ඇතුළතින් විවර විය. නිවස තුළ වැඩ කරන කාන්තාව ෂමිත්ව සිනහවකින් යුතුව පිළි ගත්තේ ය. ඔහුත් ඇයට සිනාවක් පා නිවසට ඇතුළ් විය. ඔහුට කොන්ද කෙළින් තබාගෙන, ගැටලුවක් නැති ලෙස ඇවිදින්නට දැඩි උත්සාහයක් දරන්නට සිදු විය. 

"Sir කාමරේ ඉන්නෙ. ඔහොම ම උඩට යන්න." 

ඇය කියන විට ෂමිත් හිස ඉහළට හරවා පඩිපෙළ දෙස බැලුවේ ය. 

'Fuck!!' 

එම පඩි පේළිය දකින විටත් ඔහුගේ උදරය වේදනා දෙන්නාක් මෙන් ඔහුට දැනිණි. අනෙක යේන් සිටින ස්ථානයට යන්නට නම් තට්ටු තුනක පඩි නැගිය යුතු බව ඔහුට සිහිපත් විය. ඔහු අතේ තිබූ ජංගම දුරකථනය ක්‍රියාත්මක කළේ ය. 

'යේන් මගෙ ඇඳුම් උඩ ද?' 

ඔහු කෙටි පණිවිඩයක් යැව්වේ ය. එයට ඉක්මනින්ම පිළිතුරු ලැබිණි. 

'Yeah. Come and get dress.' 

'මං පහළ ඉඳල ම ඇඳ ගන්නම්. ඕක පහළට එවන්න බැරි ද? Please?' 

The Deathtrap Where stories live. Discover now