85 පරිච්ඡේදය

1.2K 212 80
                                    

[Warning: Mature content ⚠️]


"යේන්?!"

"තාම මාව misunderstand කර ගන්නවා."

ඔහු ෂමිත්ගේ මුහුණේ ගෑවී නොගෑවී නැවතින. ෂමිත් මුහුණ පසෙකට හරවා ගත්තේ ඔහුගේ සිතත්, ගතත් ඔහුගේ පාලනයෙන් තොර වන්නට පෙර ය. ඔහු යේන්ට කෙතරම් කැමති වුවත් මෙවැනි අනපේක්ෂිත හැසිරීම් මගින් ඔහු පත් වන්නේ දැඩි අපහසුතාවයකට යි.

"මගෙ voice එකේ වෙනසවත් අඳුර ගන්න බැරි ද?"

සිහින් හඬින් ඇසූ ඔහුගේ දෙතොල් නැවතුනේ ෂමිත්ගේ කනට මදක් පහළ, ගෙල අසලිනි. ඒ ක්ෂණිකව ෂමිත් විදුලි සැර වැදුනාක් මෙන් ගැස්සී ගියේ ය.

"ඒයි ඒයි!!"

උස් හඬින් කියමින් ඔහු අනෙක් අත ද තබා යේන්ව නවත්වා ගත්තේ ය. යේන් ඔහුගේ මුහුණ බැලුවේ මවා ගත් කලකිරීමක් මුහුණට නගා ගනිමිනි.

"What? Can't I kiss you? ඔයා ඒකට මාර කැමතියි නේ..."

ෂමිත්ට දැනුණේ ඔහුව දිය වී යන්නාක් වැනි හැඟීමකි. ඔහු අපහසුවෙන් කෙල ගිල ගනිමින් කතා කළේ ය.

"දැන්... ඕක පටන් ගන්න හදන්න එපා. අන්තිමට ම- What the?! ඕයි! යේන්!"

ෂමිත් වාක්‍ය අවසන් කරන්නටත් පෙර යේන් ඔහුව යන්තමින් ඔසවා, ඔහු හේත්තු වී සිටි මේසය මතින් තැබුවේ ය. මීළඟට, ෂමිත් වෙනතක් බලන්නටත් පෙර ඔහුගේ දෙතොල් අල්ලා ගත්තේ ය. ෂමිත් එයින් තරමක අපහසුතාවයට පත් වී සිටියත් ඔහු එයට විරුද්ධ වූයේ නැත. තප්පර දෙක තුනකින් ම ඔහු යේන්ගේ ගෙල වටා දෑත් යවා එයට ප්‍රතිචාර දැක්වූයේ ය.

එය තව දුරටත් ඔවුන්ට අමුතු දෙයක් නොවන බව පෙනින. යේන් එලෙස හැසිරුනේ ෂමිත්ගේ තිගැස්ම, සන්සුන් කරන්නට වුවත් ඔහුට ද එයින් ලැබුනේ උද්යෝගයකි. ඔවුන් එය මොන අරමුණින් පටන් ගත්තත් එය දුර දිග යන්නට ගත වන්නේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයකි. විශේෂයෙන්ම යේන් වැනි අයෙකු සමග එවැන්නක් අතරමග නැවැත්වීම ඉතා අපහසු ය. පිටතට නොපෙන්වුවත් ෂමිත් ද එයට දැඩි සේ ප්‍රිය කරයි. එබැවින් එය දුර යන්නට පෙර නවත්වා ගැනීම එතරම් ලේසි පහසු දෙයක් නොවේ.

මිනිත්තු කිහිපයකින් යේන්, ෂමිත්ගේ දෙතොලින් ඈත් වූයේ නිසි ලෙස හුස්ම ගන්නට ඉඩක් දෙමිනි. ඒ වන විටත් යේන්ගේ අතක් ෂමිත්ගේ ෂර්ටයට යටින් ඔහුගේ සම මත ය. පෙර දී ෂමිත්ගේ වූ විරුද්ධත්වය දැන් කොහේ ගියාදැයි නැත. දැන් ඔහු, තමා කරන, කියන ඕනෑම දෙයකට එකඟ වන බව යේන් දනියි. ඔහුව ෂමිත් වෙතට දැඩි සේ ආකර්ෂණය කර ගත්තේ ද එය ම ය.

The Deathtrap Where stories live. Discover now