133 පරිච්ඡේදය

668 136 91
                                    


"Madam නිදි ද?"

ෂෙරිල්ගේ කාර්යාල කාමරයේ දොර දෙසින් ඇසිණි.

"දවස් දෙක තුනක් තිස්සේ මට හරියට නින්ද යන්නෙ නෑ... විකාර කියවනවා."

ෂෙරිල් කීවේ ඇගේ හිසකෙස් දෑතින් ම සකසා ගනිමිනි.

"අර කොල්ලා ආවා නේද?"

ඇතුළට පැමිණි රොහාන් ෂෙරිල්ට පිටුපසින් වූ වීදුරු ජනේලයෙන් පිටතට නෙත් යොමු කළේ ය.

"හ්ම්."

"Follow කරනව ද?"

"කළාට මිනිහට අතක් තියන්න බැරි නං වැඩක් තියෙනව ද?"

"ඉතින් මිනිහ අපි ගාව නැතුව යේන්ව නම්මන්න පුලුවන් කියලා හිතනව ද? පේනවනේ. අර පොඩි එකාව පෙන්නලත් යේන්ගේ හැටි. ඕක තව දිගට ගියොත් පොඩි එකාට මොනව හරි කරන්න වෙන්නේ."

"ෂමිත් වගේ නෙවෙයි. ඒ ළමයට මුකුත් harm එකක් කරන්න බෑ. එහෙම උනොත් කෙලින්ම අපිව අහු වෙනවා. බාල වයස්කාර ළමයෙක්. ආයේ no excuses."

"ඒක යේන් දන්න නිසා තමයි අපිට ඔය attitude එක දෙන්නේ!"

"හ්ම්..."

ෂෙරිල් නැවතත් දෑස් පියා ගනිමින් හිස ඇන්දට හේත්තු කර ගත්තා ය.

"ෂමිත්ව ගෙන්න ගන්න විදියක් හිතුව ද?"

රොහාන් ඇසුවේ දෑත් සාක්කුවල රුවාගෙන වීදුරුවට හේත්තු වී ෂෙරිල් දෙස බලමිනි.

"මට නං හිතෙන්නේ... ෂමිත් නිකම් ම එයි."

ඇය සන්සුන්ව කීවා ය.

"පොඩි එකා අපි ගාව නිසා ද?"

"ඒකත් එකක්. ඒ ළමයා අපි ගාව කියලා හෙට අනිද්දා ම මිනිහා දැන ගනියි. එතකොට බොහෝ දුරට මාව හොයාගෙන එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තන් යේන් නිසා ම එයි. ඔය කියන විදියට ෂමිත්ට පොලීසිය මේකට ගාව ගන්න අදහසක් නැත්තං අනිවාරෙන් මිනිහ ම අපි ළඟට එන්න ඕනේ."

"තව කොච්චර කාලයක් යේන්ව ඔහොම තියා ගන්න ද හදන්නේ?"

"මේකේ මේ තියෙන වැඩ ටික පොඩ්ඩක් handle කර ගන්නකන් විතරයි. ඒ වෙද්දී ෂමිත්ව අපි ගාවට ගන්න පුලුවන් නං හරි. එහෙම උන්නැත්තන් අර පොඩි එකාව ම use කරලා යේන්ව මේකට නම්ම ගන්න වෙන්නේ."

The Deathtrap Where stories live. Discover now