79 පරිච්ඡේදය

1.4K 228 80
                                    


[Warning: ⚠️ Mature content/ Abuse/ Smut warning ⚠️🔞🔞]

[මේ chapter එකේ ඉඳලා ටිකක් දිග smut එකක් පටන් ගන්නවා. This is definitely not suitable for age under 18. This is intense. So, I tell you, if you don't like it, then don't read it. You know my way of writing. If you're feeling uncomfortable DO NOT proceed any further! Just skip this.]

දැන් කොපමණ වේලාවක් මෙලෙස ගත වී හමාර ද? තමන්ට දැන් කළ හැකි කිසිවක් නැද්ද? තමන්ට යේන් සමග වචනයක් හෝ කතා කළ හැකි නම්? නමුත් ඔහුට කතා කර ගන්නටවත් නොහැකි ය. මේ සියල්ල ආරම්භ වූයේ මුදල් ගනුදෙනුවක් මත ය. එය මෙතරම් දුර දිග යා හැකි ද? මෙවැන්නක් තමාට අත් විඳින්නට සිදු වන තරමට එය දුර දිග යා හැකි ද? එය තවත් දරා ගන්නට ෂමිත්ට නොහැකි ය. නමුත් ඔහු මෙතරම් වෙලාවක් ඉවසාගෙන සිටීම යේන්ව ද පුදුම කළේ ය.

ෂමිත් මේ දැන් දැන් තමාට වෛර කරන බව පවසාවි යැයි යේන් සිතුවේ ය. නමුත් එවැනි කිසිවක් සිදු නොවිනි. යේන් ඔහුගේ ක්‍රියාවන් තව තවත් දුර දිග ගෙනියන්නට හේතු වූයේ ෂමිත්ගේ මේ හිතුවක්කාර හැසිරීම ය. මෙතරම් දෙයක් සිදු වෙද්දීත් ෂමිත්ගේ ඒ හැසිරීම ඔහු කුමක් බලාපොරොත්තුවෙන් කරන්නේ දැයි, තවමත් පාලනයෙන් තොර ව සිටි යේන්ට සිතා ගන්නට පවා නොහැකි විය.

මුලින් ෂමිත් මෙය නවත්වන ලෙස යේන්ගෙන් ඉල්ලුවත් කාලය ගත වන විට ඔහු එය ද නවත්වා දැමුවේ ය. ඔහුගේ මුවින් පිට වූයේ වේදනාත්මක කෙඳිරියක් පමණි. ඔහු මෙය දිගටම දරා සිටින්නට සිතන්නේ ද? එය සාමාන්‍ය කෙනෙකුට නම් කළ නොහැකි ය. තමාට එලෙස වද දෙන කෙනෙකුට වෛර නොකරන්නේ කෙසේ ද? යේන්ට මුහුණ දෙන්නට වූ ලොකුම ගැටලුව එය යි.

ඔහු මේ කරන්නේ ෂමිත්ට කරන්නට කියා ඔහුට සිතා ගත හැකි දරුණුම දෙය යි. තමාව ෂමිත්ට එපා කරවීම යේන්ගේ මුල් අරමුණ වුවත් මේ වන විට එය ඔහුගේ සිතේ කොනකවත් නොවී ය. යේන්ගේ මානසිකත්වය තව තවත් නරක අතට හැරීමත්, ෂමිත්ගේ මෙම යටහත් පහත් ස්වරූපයත්, එම අරමුණ අමතක කර, ඔහුගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නා තැනට ඔහුව පත් කර තිබුණා කියතොත් නිවැරදි ය.

එසේ, තමන් මෙතරම් වේදනාවක් දෙන විටත් ෂමිත් එය විඳ දරාගෙන සිටීම, ඒ සියල්ල අතරින් යේන්ගේ කෝපය තව තවත් වැඩි කරන්නට හේතු විය. ඔහු, තමාගේ දෙකකුල්වලට මැදිව, මුනින් අතට ඇඳේ වැතිරී සිටින ෂමිත් දෙස බැලුවේ ය. ඔහුගේ කොන්දේ ලා දුඹුරු පැහැති සම ලා රත් පැහැයට හැරී ඇත. ඔහුගේ මුලු සිරුරම තෙත් වී ඇත්තේ වතුරින්දැයි දහඩියෙන්දැයි නිශ්චිතව කිව නොහැකි ය. යේන් තවමත් නාන කාමරයේ සිටි පෙනුමෙන් ම ය. ඔහු, ඔහුගේ ෂර්ටයවත් ගලවා නොතිබිණි. එය තවමත් වතුර බේරෙන තරමට තෙත ය.

The Deathtrap Where stories live. Discover now