61 පරිච්ඡේදය

1.2K 226 21
                                    


නිවසේ ගේට්ටුව ඉදිරිපිටට පැමිණි යේන් වාහනයට නගින්නට පෙර ගේට්ටුව එහා පස ඇති බැම්ම දෙස හිස ඉහළට හරවා බැලුවේ ය. 

"එතකොට මිනිහා පැන්නේ මෙතනින්?" 

"ඔ-ඔව් Sir." 

එයට පිළිතුරු දුන් මුරකරුගේ වචන ද පැටලෙන සෙයකි. කිසිවක් නොකියූ යේන් තප්පර කිහිපයක් ඒ දෙස බලා සිට ඔහුගේ වාහනය දෙසට හැරිණ. 

"අ.... Sir?" 

ඔහු නැවත මුරකරු දෙස බැලුවේ ය.

"ඒ කොල්ලා ආයේ ආවොත් මං මොකක් ද කරන්න ඕනේ?" 

යේන් සුසුමක් පිට කර ඔහු දෙස බැලුවේ ය. 

"එන්න දෙන්න." 

කියූ ඔහු වාහනයේ දොර විවර කර එයට නගින්නට සැරසිනි.

"ඈ? ඒ කියන්නේ එයා ඇතුළට ආවට කමක් නැද්ද??"

"වෙන මොකක් කරන්න ද? You can't stop him anyways." 

කියමින් රියදුරු අසුනට ගොඩ වූ යේන් දොර වසා වසා වාහනය පණ ගන්වා ගත්තේ ය. ඒත් සමග ඔහු ගේට්ටුවෙන් පිටත පාර දෙස බලාගෙන ම නැවතුනේ ඔහුගේ මුහුණේ කලකිරීම මුසු හැඟීම නැවතත් ඇඳී යන විට ය. ඒ, නිසි කලට වේලාවට ගේට්ටුවට ඉදිරිපිට පාරට පැමිණ යේන්ගේ වාහනය දෙස බලාගෙන සිනා සෙමින් ඔහුට අත වනා ආචාර කරන ෂමිත්ව දැකීමෙනි. 


...............................................


"Poison තමයි. බොහෝ දුරට මී පාසානම් වගේ දෙයක්." 

වෛද්‍යවරයා කීවේ යේන් හා ෂමිත් දෙස බලමිනි. ඔවුන්ගේ දෙනෙත් යොමු වී තිබුණේ එතැන බිම දමා තිබූ මෙට්ටයක් මත වැතිරී පණ අදින සුනඛයා වෙත ය. එම සත්ත්වයාට හැකි උපරිම ප්‍රතිකාර ඒ වන විටත් ලබා දී තිබිණි. ඒ මොහොතේ ෂැඩෝට අවශ්‍ය කරන ඔක්සිජන් පවා සපයා තිබිණ. මෙතරම් කාලයක් ඌව ජීවත් කරවා ඇත්තේ මෙයින් බව සිතා ගත හැකි විය. යේන් හැඟීම් විරහිතව සුනඛයා දෙස බලා සිටියේ ය. ෂමිත් නම් සිටියේ දැඩි සිත් වේදනාවකිනි. 

"වෙන කරන්න දෙයක් නැද්ද?" 

ඔහු තප්පර කිහිපයකට පසුව වෛද්‍යවරයාගෙන් ඇසුවේ ය. 

"නෑ. අර මං කලින් කියපු දේ තමා කරන්න තියෙන්නේ." 

ඔහු පිළිතුරු දුන්නේ හිස දෙපසට සොලවමිනි. යේන් නැවත සුනඛයා දෙස බැලුවේ ය. 

The Deathtrap Where stories live. Discover now