20 පරිච්ඡේදය

1.5K 262 18
                                    

"ඔයා කියන්නෙ ඔය දෙන්නා couple එකක් කියල ද?!" 

ඇය නැවත ඇසුවේ පුදුමයෙන් දෑස් විශාල කර ගනිමිනි. 

"අ..... ඒක තමා මං දැන් කිව්වේ...." 

යේන් ද කීවේ ඇගේ හැසිරීමෙන් මදක් පුදුමයෙනි. මේ ඇය මෙවැනි පුද්ගලයන් සිටින බව දැන ගත් පළමු වතාව ද?! ෂමිත් සිතුවේ ද එය ම ය. නැවතත් යේන් දෙසත් ෂමිත් දෙසත් බැලූ ඇය එක් විට ම ඉදිරියට පැන ෂමිත්ගේ අතින් අල්ලා ගත්තා ය. එයින් එතැන සිටි පිරිමින් තිදෙනා ම තිගැස්සී ගියහ. 

"Oh my god! You guys are so cool!" 

ඇය මදක් උස් හඬින් කීවේ සිනාවකින් මුව පුරවා ගනිමිනි. 

"ආ???" 

ෂමිත්ගේ මුවින් එළියට පැන්නේ ඔහුටත් නොදැනීම ය. 

"Wow! මං කවදාවත් ලංකාවේ publicly gay couple එකක් දැකලා නෑ! You guys are so so awesome නේ!" 

ඇය කියන විට ගල් ගැසී සිටි ෂමිත් හා යේන් මුහුණට මුහුණ බලා ගත්තේ ය. නෙවින් දෑස් ලොකු කරගෙන තම මනාලිය දෙස බලා සිටින්නට විය. 

"දන්නව ද මං හරිම open minded කෙනෙක්! I respect all kinds of sextualities. මගෙ හොඳම යාලුවා lesbian. ඒත් එයාලා society එකට හරි බයයි. බය එක සාධාරණයි ඉතින් මේ typical mindset එක තියෙන මිනිස්සු එක්ක ඉන්නැද්දි. But.... ඔයාලා දෙන්න මාරයි නේ. මං දැනන් හිටියෙ නෑ යේන් සිංහපෘථිවි homosextual කියලා... නෙවින්? ඔයා දැනන් හිටිය ද?!" 

දෑස් ලොකු කරගෙන ගල් ගැසී සිටි පිරිමින් තිදෙනා ම පියවි ලෝකයට පැමිණියේ ඇය නෙවින් වෙතට හැරීමත් සමග ය. ෂමිත් හා යේන් සම්පූර්ණයෙන් ම කරන්නට හෝ කියන්නට දෙයක් සිතා ගත නොහැකිව අතරමංව සිටි බව පෙනින. 

"ම්.... මාත් දැන ගත්තේ... මේ ළඟදී...." 

නෙවින් වචන කිහිපයක් පටලවා ගත්තේ ය. 

"මට ඒක කියන්න තිබ්බනේ! යේන් I'm so happy!" 

කියමින් ඇය යේන් වෙත අත දිගු කළා ය. 

"ආහ්.... thanks!" 

ක්ෂණිකව සිනාවක් මුහුණට නගා ගත් යේන් ඇයට අතට අත දුන්නේ ය. 

The Deathtrap Where stories live. Discover now