114 පරිච්ඡේදය

827 172 28
                                    


"Yeah?"

පුටුව මේසය වෙතට ළං කරගෙන සිටි යේන් එය පසෙකට කර ගනිමින් ම දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්නට විය.

"ඔව්, ඉතින්?"

දුරකථනයේ අනෙක් පසින් කියූ දෙයක් නිසා මෙතෙක් වේලා ඔහුගේ මුහුණේ වූ හැඟීම ක්ෂණිකව වෙනස් වූ බව පෙනින. එහි වූයේ ව්‍යාකූලත්වයකි.

"මොකා?!"

ඔහු උස් හඬින් ඇසුවේ ය.

"කෙනා කවුද කියලා කිව්වේ නැද්ද?!"

ඔහු පිළිතුරු ලැබෙන තෙක් බලා සිටියේ ය.

"Okay මං කතා කරලා බලන්නම්. දැන් මං නේ ඒ ගැන බලන්නේ. නැත්තන් තාත්තට කියන්න."

මීළඟට ඔහු හිස පහතට බර කර ගත්තේ නළල දෙපස අතැඟිලිවලින් තෙරපමිනි.

"හරි මං ම කතා කරන්නම්."

"නෑ අපි කතා කරනව නං ඕක නොකියා ඉන්න බෑ hospital එකට."

අනෙක් පසින් ඇසෙන දේට යේන් නැවත කන් දෙන්නට විය.

"හ්ම්. මං හොයා ගන්නම්."

ඔහු දුරකථනය මේසය මතට දැමී ය. ඇමතුම මිෂාරගෙනි. ඔහු යේන් සමග මේ ප්‍රශ්නය ගැන කතා කළ දවසේ පටන් යේන් ඔහුගේ සත්‍ය මව ගැන අවධානයෙන් සිටින ලෙස මිෂාරට පැවසුවේ ය. මිෂාර මේ මොහොතේ කතා කළේ ඇය පිළිබඳව තොරතුරක් දෙන්නට යි.

ඒ, පිළිකා රෝගී අංශයේ සිටි යේන්ගේ මව වෙනත් රෝහලකට මාරු කර යැවූ බවට මිෂාරට දැන ගන්නට ලැබී තිබූ ආරංචිය යි. එය කාගේ අනුදැනුමක් ඇතිව සිදු වූවක් ද යන්න මිෂාරට දැන ගත නොහැකි වූයේ ඔහුට එයට අයිතියක් නොමැති නිසාවෙනි. එබැවින් ඒ ගැන දැන ගන්නා ලෙස ඔහුට යේන්ව දැනුවත් කරන්නට අවශ්‍ය විය.

පසුගිය දිනවල සිදු වූ සියල්ලත් සමග මෙවැනි අනපේක්ෂිත සිදුවීම් යේන්ට පුදුමයක් ඇති නොකළේ ය. ඔහු එයට හුරු වී ඇත්තාක් මෙනි. ඔහු තව දුරටත් කලබල වූයේ නැත. නමුත් ඒ ගතින් පමණි. ඔහුගේ සිත මේ වන විටත් දේවල් දහස් ගණනකින් පිරී ගොස් තිබිණි. එහෙත් ඔහුට ඔහුගේ මව ගැන කිසිදු හැඟීමක් නොතිබිණි. ඔහුට ඇය ගැන අදාළ වූයේ ප්‍රතිකාරවලට ගෙවීම් කරන විට පමණි.

The Deathtrap Where stories live. Discover now