96 පරිච්ඡේදය

1.1K 199 73
                                    

"සුප්‍රසිද්ධ ශාක්‍ය සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ, අභාවයට පත්, හිටපු ප්‍රධානී, ඩැනියෙල් සිංහපෘථිවි මහතාගේ පුත්, කුමාර් සිංහපෘථිවි මහතාට හදිසියේ මුහුණ දීමට සිදු වූ රිය අනතුර පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය දන්වා සිටිනවා. ඔවුන් පවසන ආකාරයට මෙය කුමාර් සිංහපෘථිවි මහතාගේ මෝටර් රථයෙහි දෝෂයක් නිසා ඇති වූ තිරිංග ක්‍රියා විරහිත වීමක් විය හැකි බවටයි ඔවුන් සැක ඵල කරන්නේ. කෙසේ වෙතත් ඩැනියෙල් සිංහපෘථිවි මහතාගේ අභාවයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් එතුමාගේ ධූරය හෙබ වීමට පත් වූ ඔහුගේ පුත් කුමාර් සිංහපෘථිවි මහතාට ද අනතුරකට මුහුණ දීමට සිදු වීම පිළිබඳව ව්‍යාපාර ලෝකය තුළ මහත් කතා බහකට ලක් වී ඇ-"

"එකම දේ ආයේ ආයේ කියනවා...."

කලකිරීම මුසු සුසුමක් පිට කරමින්, ඉතා අඩු හඬකින් තමාට ම කියා ගත් මිෂාර දුරස්ථ පාලකය ගෙන රූපවාහිනිය වසා දැමී ය. තම රවුම් කණ්ණාඩි දෙක අතරින් අතැඟිලි යවා වෙහෙසට පත් වී තිබූ දෑස් පිස දා ගත් ඔහු, අවුල් ජාලයක් වී තිබූ ඔහුගේ මේසය දෙස බැලුවේ ය. විසිරී තිබූ පොත්, කඩදාසි කොල අතින් පසෙකට කළ ඔහු තවමත් ක්‍රියාත්මකව තිබූ ලැප් ටොප් පරිගණකය ඉදිරියෙන් නැවතත් වාඩි විය.

එහෙත් ඔහුගේ දෑස් නිරායාසයෙන්ම වෙලාව වෙත යොමු විනි. එහි රාත්‍රී දහයයි පහ සටහන් වී ඇත. මුලු දිනය පුරාම මේ කාමරය තුළට ම වී ගත කළ ඔහුට දැනුණේ දැඩි වෙහෙසකි. එදිනවත් වේලාසනින් නින්දට යාමේ අදහසින් ඔහු පරිගණකය ක්‍රියා විරහිත කළත් ඒත් සමග ම නාද වූ දුරකථනය හේතුවෙන් ඔහුගේ හිස නැවත වේදනා දෙන්නට පටන් ගත්තේ ය. එයට පිළිතුරු දෙන්නට උවමනාවක් නොතිබුණත් ඇමතුම කාගේ දැයි දුටු ඔහු නිහඬව දුරකථනය ගෙන කනේ තබා ගත්තේ ය.

"Hello?"

"වැඩේ කර ගත්ත ද?"

අනෙක් පසින් ඔහු බලාපොරොත්තු වූ ගැඹුරු හඬ ඇසිණි.

"මොන වැඩේ ගැන ද Sir අහන්නේ?"

"මං අර කෙනෙක්ව hire කරලා දුන්න වැඩේ?"

"නෑ තාම සම්පූර්ණයෙන් ඉවර නෑ."

"මට ඕක දැන ගන්න පුලුවන් කොයි කාලෙ ද?"

The Deathtrap Where stories live. Discover now