134 පරිච්ඡේදය

663 146 88
                                    

"ඕයි නැගිටිනවා!"

ඈතින් දෝංකාර දෙන සේ ඇසෙන පිරිමි කටහඬක් හේතුවෙන් භානුක දැඩි ආයාසයක් දරා දෑස් විවර කළේ ය. ඔහුගේ දෑසට කිසිදු පැහැදිලි ආලෝකයක් නොවැටිණි. ඒවා සියල්ල නිකුත් කළේ ඉතා අඳුරු ආලෝකයකි. එබැවින් ඒවාට දෑස් හුරු කර ගන්නට ඔහුට මද වේලාවක් ගත විය.

"නැගිටිනවා මිනිහෝ!"

ඔහු හිස ද කෙලින් කර බැලුවේ ඔහු ඉදිරියේ සිටින පුද්ගලයා හඳුනා ගැනීමේ අරමුණෙනි. තමා ඉදිරියේ ම සිටි රුව ඔහු හඳුනයි. ඒ ෂමිත් බව ඔහුට වටහා ගන්නට තප්පර කිහිපයකට වඩා ගත නොවී ය. නමුත් ෂමිත්ට පිටුපසින් සිටි තවත් දෙදෙනෙකුගේ රූපයන් ඔහුගේ නෙත ගැටිණි. තමාව මෙතැනට ගෙන ආවේ කවුද, කෙසේ ද, මේ කොහෙද යන්න කිසිවක් ඔහුට සිතා ගන්නට නොහැකි ය. ඔහුට මේ මොහොතේ, මේ ස්ථානය ගැන වැටහුණු එක ම දේ ඈතින් යන්තමින් ඇසෙන්නේ ඉතා උස් සංගීත හඬක් බව පමණි.

"මුට මොකක්ද කළේ නැගිට්ටව ගන්න මෙච්චර අමාරු?"

ෂමිත් ඇසුවේ ඔහුට පිටුපසින් වූ රාක්කයකට හේත්තු වී සිටි තවත් පුද්ගලයෙකුගෙනි. ඔහු සිටියේ අඳුරේ බැවින් ඔහුගේ මුහුණවත් භානුකට නිසි ලෙස දැක ගන්නට නොහැකි විය. ඊළඟ මොහොතේ ඔහුට වැටහුණේ ඔහු සිටින්නේ පුටුවක වාඩි කර බව යි. ඔහුට සෙලවෙන්නටවත් නොහැකි වන ලෙසට ඔහුව පුටුවට තබා තද කර ගැට ගසා තිබිණි. එපමණක් නොව දෑත් ද එකට ගැට ගසා තිබිණ. පියවි සිහිය පැමිණි විගස ම ඔහුට ගතෙන් හා දෑතින් දැනෙන වේදනාව පැහැදිලිව දැනිණි.

"මං කරපු දේ අදාළ නෑනේ මිනිහා ඉන්නව නං."

අඳුරේ කාමරය කොනේ බිත්තියකට හේත්තු වී සිටි ඒ පුද්ගලයා ෂමිත් ඇසූ පැනයට ඉතා ගොරහැඬි කටහඬකින් පිළිතුරු දුන්නේ ය. කෙතරම් දිනක් කට්ටි පැන්න ද තමා අවසානයේ ඔවුන්ගේ අතට ම හසු වී ඇති බව භානුකට වැටහිණ. මීළඟට කළ යුතු දේ කුමක්දැයි සිතමින් ඔහු මනස කලතන්නට වූයේ තමන් කළ දේට ප්‍රතිවිපාක ලැබෙන මොහොත ළඟ බව ඔහුට සිතුනු නිසාවෙනි.

"Man ව නැගිට්ටව ගත්ත ද?"

ඒත් සමග කාමරයේ වෙනත් දෙසකින් ඔහුට ඇසුණේ තවත් පිරිමි කටහඬකි. එය අනෙකාගේ කටහඬ මෙන් නොව ඉතා පැහැදිලි එතරම් ගැඹුරු ස්වරයක් නොවී ය. ඔහු ද ෂමිත් අසලට විත් නැවතින. එතැන වූ අඩ අඳුර ඔහුගේ මුහුණ බලා ගැනීමට ද හරහට හිටියේ ය.

The Deathtrap Where stories live. Discover now