97 පරිච්ඡේදය

861 184 46
                                    

"මිෂාර?"

"Good morning, Sir."

සිනහවක් සමගින් කියූ මිෂාර කුමාර් වැතිරී සිටි ඇඳට පසෙකින් ඇති කුඩා පුටුව අසලට පැමිණ සිට ගත්තේ ය. කුමාර්ගේ මුහුණේ වූයේ ගැටලුවකට මැදි වූ අයෙකුගේ පෙනුමකි. මිෂාරට එහි ඇතුලු වන්නට ඔහුගේ අනන්‍යතාවය පවා තහවුරු කරන්නට සිදු විය. ඔහු ඩැනියෙල්ගේ සහයකයා බව දැන ගත් මොහොතේ ම ඔහුට කුමාර්ව හමුවීමට අවසර ලැබිණි.

"මට ආරංචියි resign උනා කියලා?"

කුමාර් කීවේ මදක් කෙලින් වී මිෂාර දෙස බලමිනි.

"හ්ම්."

"තාත්තා නැති නිසා ද.... නැත්තන් වෙන හේතුවක් නිසා ද?"

"මටත් ඒක හිතා ගන්න බෑ Sir. මට තවත් ශාක්‍ය එකේ වැඩ කරන්න හිතෙන්නෑ."

"මිෂාර දිගට ම ඔහොම ඉන්න ද හිතන්නේ?"

"නෑ. ඒක... බලමුකො ඉස්සරහට."

කුමාර් අත දිගු කර පෙන් වූ පුටුවෙන් මිෂාර වාඩි විය.

"Sir ගෙ කකුල් දෙක ගැන doctors ල මොකද කියන්නේ?"

"හොඳ වෙන්න තව කල් යනවා. ආයේ කලින් වගේ ඇවිදින්න ඊටත් වඩා කල් යනවා. පේන විදියට මට තව අවුරුද්දකටවත් වැඩට එන්න වෙන එකක් නෑ වගේ..."

"ඒක.... හොඳයි."

මිෂාර එක් විටම පැවසූ දේට කුමාර් ක්ෂණිකව හිස ඔසවා බැලුවේ ය.

"මිෂාර?"

"Sir දන්නවනේ මේ accident එක උනේ කොහොම ද කියලා? යේන් Sir ඒක ගැන කිව්වේ නැද්ද?"

"ඔයා කොහොමද ඒ ගැන දන්නේ?!"

කුමාර් ඇසුවේ තරමක තැති ගැනීමෙනි.

"යේන් Sir මට කිව්වේ ඩැනියෙල් Sir ට එකපාරට heart attack එන්න හේතුව හොයන්න කියලා.... ඒත් මං හිතුවේ නෑ ඒක මෙච්චර දුර ගිහින් නවතියි කියලා...."

මිෂාර දිගු සුසුමක් පිට කරමින් කණ්ණාඩිය සකසා ගත්තේ ය.

The Deathtrap Where stories live. Discover now