64 පරිච්ඡේදය

1.1K 227 22
                                    


මීළඟ ඉදිරි දින දෙක සම්පූර්ණයෙන් ම ෂමිත්ට අලුත් නිවසට යාමේ වැඩ කටයුතුවලට ගත විය. පෙර සිට ම අවශ්‍ය දේවල් සූදානම් කරගෙන තිබූ නිසාවෙන් ඔහුට තිබුණේ, ඔහුගේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ අලුත් නිවසට මාරු කිරීම පමණි. දින දෙකක් තිස්සේ දැඩි වෙහෙසක් දරා ඔහු ඔහුගේ සියලු ම බඩු බාහිරාදිය සහිත පෙට්ටි පරණ නිවසේ සිට කිරුළපන නිවසට රැගෙන ගියේ ය. දිනක් ත්‍රීවීල් රථයකින් ද, අනෙක් දින බසයෙන් ද ඔහු අවශ්‍ය සියල්ල ම රැගෙන යන්නට සමත් විය. ඒ කිසිවකට යේන්ගෙන් සත පහක උපකාරයක් නොලැබිණි. අඩුම තරමේ ඔහුගෙන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක්වත් නොලැබිණි.

නමුත් එයින් ෂමිත් අධෛර්යමත් වූයේ නැත. ඒ දින දෙකෙහි ම ඔහු යේන්ට පණිවිඩ යවා ඔහුගේ දෛනික තොරතුරු විමසන්නට අමතක කළේ නැත. ඒවාට ලැබුණු පිළිතුරු වචනයේ දෙකේ පිළිතුරු වුවත් ඔහු එය ද ගැටලුවක් කර නොගත්තේ ය. ෂමිත්, ඔහු පිළිබඳවවත්, ඔහුට ඇති ප්‍රශ්න පිළිබඳවවත් කිසිවක් කියන්නට ගියේ ද නැත. ඔහු ඇසුවේ යේන්ගේ වැඩ කටයුතු ගැන ම පමණි. එයට සත්‍ය යැයි විශ්වාස කළ හැකි පිළිතුරු ඔහුට ලැබීම යම් තරමක සැනසීමකි.

එසේම මේ දින දෙක තුළ ඔහුට සියල්ලට ම උපකාර කරමින් ඔහුගේ තනියට සිටියේ ප්‍රශේන් ය. ඔහු ෂමිත්ගේ අලුත් නිවසට පැමිණි විගස ම සෑම දිනම එහි පැමිණෙන්නට පොරොන්දු විය. නමුත් එය නිෂ්ඵල බව ඔවුන් දෙදෙනා ම දැන සිටියහ. ඔහු දවල් වරුවේ ෂමිත්ගේ නිවසට පැමිණියේ ද ඔහුගේ මවට හොර රහසේ ය. නමුත් ඔහු නගරයක් මධ්‍යයේ ඇති නව නිවසට ෂමිත්ටත් වඩා ආශා කළේ ය. එබැවින් සතියකට වරක්වත් ඔහු එහි පැමිණීම පුදුමයක් නොවේ.

එම දින දෙකෙහි යේන්ගෙන් ද කිසිදු විශේෂ යමක් දැන ගන්නට නොහැකි වූ නිසා ෂමිත්ට කරන්නට විශේෂ වැඩක් නොතිබිණි. ඔහු නිවස ඔහුට අවශ්‍ය අයුරින් සකසා ගන්නා අතරම රිය පැදවීමේ පුහුණුවලට ද සම්බන්ධ විය. මේ වන විට නිවසට අලුතෙන් අවශ්‍ය වූ බඩු භාණ්ඩවලට ඔහුට විශාල මුදලක් වැය වී තිබිණි. නමුත් යේන් පෙර දින පැවසූ අයුරින් ම ඔහුගේ ගිණුමට මාස තුනක පමණ මුදලක් එකවර බැර කර තිබිණි. එලෙස අතේ යම් තරමක මුදලක් තිබුණ නමුත් ඔහු එක සතයක් හෝ නාස්ති කරන්නට ඉඩ ලබා දුන්නේ නැත.

The Deathtrap Where stories live. Discover now