141 පරිච්ඡේදය

747 148 153
                                    


[Waring: self harm/ violence ⚠️]



"ඉතින්? පොලීසියට අහුවෙලා ද?"

"උන් පැනගෙන."

"මේ යන විදියට නං අජිත් ළඟදිම ඇතුළට යනවා."

කලකිරීම මුසු හඬකින් ෂෙරිල් කීවා ය.

"තාම වෙඩි තියපු උන් අල්ලගෙනත් නෑනේ. ඒ කාලේ දී බොසා මොකක් හරි කර ගනියි. බොහෝ දුරට Malaysia පැන ගන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ටිකේ බය නැතුව ඔය වගේ වැඩ කරන්නේ."

"දැන් ඔය කී වෙනි පාර ද?"

"යේන්ලට තියපු එකත් එක්ක තුන්වෙනි පාර."

"ඒක ඉතින් තමුසෙගේ උවමනාවට කරපු එකක් නේ. ඒකට අජිත් මොනව කරන්න ද?"

රොහාන් එයට පිළිතුරු නොදී මග හැරියේ ය.

"ඌ පොලීසියට අහු උනොත් ඒකට මට කරන්න දෙයක් නෑ. හැබැයි ඒ මාර්ගෙන් පොලීසියට මං ගැන ඉව වැටුනොත්... දන්නව නේ කරන්න ඕනේ දේ?"

රොහාන් ඇසුවේ වාක්‍ය අතරමැද නවත්වා කණ්ණාඩියෙන් පිටුපස බලමිනි. දුරකථනය අතේ එහෙ මෙහෙ කරමින් තබාගෙන සිටි ෂෙරිල් වීදුරුවෙන් පිටත බලාගෙන ම පිළිතුරු දුන්නා ය.

"ඒ එහෙම උනොත් නේ...."

එයට සිනාමුසුව සුසුමක් පිට කළ රොහාන් වාහනයේ වේගය වැඩි කළේ ය.

"භානුක ගැන මොනව හරි හොයා ගත්ත ද?"

"ඌ ගැන හොයන්න කොහෙද මේ වෙලාවේ කට්ටිය? බොසා එක්ක උන් තැන් තැන්වල හැංගිලා ඉන්නේ. උන්ව ගෙන්නන්න බෑ මේ වෙලාවේ. මං ගාව ඉන්න set එක දැන් පිස්සො දෙන්නෙක්ව මුර කරන්න දාලා නේ. භානුකයව හොයන්න යවන්න මේ වේලාවේ මොකෙක්වත් නෑ. අනික... භානුක තාම ඉන්නව ද නැද්ද කියලවත් මට sure නෑ.... ඌ නිකන් වාෂ්ප වෙලා ගියා වගේ."

"තමුසේ මං එන්න කලින් ෂමිත්ගෙන් භානුක ගැන ඇහුවේ නැද්ද?"

"ඇහුවා, ඇහුවා. ඌ කියන්නේ එක ම ටික විතරයි. දන්නව නං මෙලහට කියලා."

"කොහොමද ඔච්චර sure එකට කියන්නේ? කවුද දන්නේ දැනගෙන නොකියා හිටිය ද කියලා?"

"අච්චර ගුටි කාගෙන ඕක නොකියා ඉන්නේ මොකට ද? තව මොකක් හරි කරලා බලන්න තිබ්බා madam ඒකට permission දුන්න නං ඉතින්."

The Deathtrap Where stories live. Discover now