15 පරිච්ඡේදය

1.4K 266 8
                                    

යේන් අඳුරේම පඩි නැග දෙවෙනි මහලට පැමිණ නැවතිණ. මුල් වරට මෙහි පැමිණි මොහොතේ සම්භාහන මධ්‍යස්ථානය අයිති කාන්තාවගෙන් ෂමිත්ගේ නිවස ඇත්තේ දෙවෙනි මහලේ බව දැන ගත්තත්, එය නිවැරදිව ම කුමන නිවසදැයි ඔහු නොදැන සිටියේ ය. ඔහු පඩිපෙළෙහි සිට කොරිඩෝව දෙසට පිය නැගුවේ වටපිට බලමිනි. ඒත් සමඟ ම කොරිඩෝවේ පඩිපෙළට ආසන්නයේම තිබූ දොර ඔහුගේ නෙත ගැටිණි. එහි සිටින්නෙකුට කතා කර ෂමිත්ගේ නිවස කුමක්දැයි අසා ගන්නට ඔහු තීරණය කළේ ය. ඔහු දොරට තට්ටු කරන්නට අත එසෙව්වා පමණි, දොර ඇතුළතින් විවර විය. ඔහු එලෙසම නැවතින.

"මොන මගුලට ද මෙතෙන්ට ආවේ?!" 

ෂමිත් කීවේ උස් හඬිනි. යේන්ට එක් විටම වූ දෙය වටහා ගත නොහැකි විය. ඔහු එයට පිළිතුරක් දීමටත් පෙර දොරෙන් පිටතට හිස දමා කොරිඩෝව දෙසත්, පඩිපෙළ දෙසත් බැලූ ෂමිත් ක්ෂණිකව යේන්ගේ අතකින් ඇද ඔහුව නිවස තුළට ගෙන දොර වසා දැමුවේ ය. 

ෂමිත් නිවසට පැමිණි පසු මද වේලාවකින් ජනෙල් තිරය ඉවතට කර අතුරු පාර දෙස බැලුවේ අහේතුකව ය. මේ වන විට යේන් පිටත්ව ගොස් ඇතැයි ඔහු සිතුවේ ය. නමුත් යේන්ගේ වාහනය තවමත් ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති බව දැකීමෙන් කලබල වූ ඔහු දොර විවර කර පිටතට පැමිණියේ යේන් තවමත් පිටත් නොවීමට හේතුව දැන ගන්නට ය. නමුත් ඔහුට නිවස යේන්ව මුණගැසීමට පිටතට යාමට අවශ්‍ය නොවිනි.

නිවස තුළට ඇතුල් වූ විට ම යේන් ගල් ගැසිණ. ඔහු දොරට හේත්තු වී නිවස වටා ම දෙනෙත් යැව්වේ ය. ෂමිත් විමසූ පැනයට පිළිතුරු දීමටවත් ඔහුට මතක් වූයේ නැත. මෙසේ සිටින අතර ඔහුගේ හිසට කුමක් හෝ වැටෙන අයුරක් ඔහුට දැනුනෙන් ඔහු කොණ්ඩය අල්ලමින් හිස ද ඉහළට හරවා බැලුවේ ය. 

"ඔය දොර දිරලා තියෙන්න! ඔය වැටෙන්නෙ ලී කුඩු. මෙහාට වෙන්න." 

ෂමිත් කියන විට යේන් කොණ්ඩය පිස දමමින් දොරෙන් ඉවතට පැමිණියේ ය. යේන් නිවසේ සාලය තෙක් ආවේ දෑස් නිවස වටාම යවමිනි.

"මොන එහෙකට ද මේක ඇතුළට ආවේ?!" 

ෂමිත් දෙවෙනි වරදට ද උස් හඬින් ඇසුවේ ය. යේන්ගේ අවධානය ඔහු වෙත යොමු වූයේ ඒ අවස්ථාවේ යි. 

The Deathtrap Where stories live. Discover now