24 පරිච්ඡේදය

1.4K 287 34
                                    

"I can't believe this! You still can walk!"

යේන් කීවේ ෂමිත්ගේ දකුණු අතේ බාහුවෙන් අල්ලාගෙන හෝටලයේ විදුලි සෝපානය ඇති දෙසට ගමන් කරමිනි. ෂමිත්ගේ සමබරතාවය යන්තමින් ගිලිහී, දෑස් නිදිමතින් බර වී තිබුණත් වෙනත් කිසිදු ගැටලුවක් ඔහුට නොවින. ඔහුට ඔලුව නිසි ලෙස කෙළින් කරගෙන සිටින්නට මදක් අපහසු වුවත් ඔහුට නිසි ලෙස ඇවිදීමට කිසිදු අපහසුවක් නැත. යේන් සැබැවින්ම සිටියේ තවමත් එය විශ්වාස කරන්නට අපහසු තත්ත්වයේ ය. තවත් අඩි කිහිපයක් ඉදිරියට යන විට යේන්, ෂමිත්ගේ දකුණු අතේ බාහුවේ තවත් මදක් ඉහළින් අල්ලා ගත්තේ ය.

"ඒයි! මං පෙන්නපු තැනින් අල්ල ගන්න!"

යේන් දෙස ක්ෂණිකව බැලූ ෂමිත් කීවේ උස් හඬිනි. නිහඬව සුසුමක් පිට කළ යේන් නැවත ෂමිත්ගේ දකුණතේ වැළමිටට මදක් ඉහළින් අල්ලා ගත්තේ ය. වයින් මේසය අසල දී ෂමිත් යේන්ට පැවසූ දෙය ඔහුට නැවත සිහිපත් විය

"මාව අල්ලන්න එපා!"

වයින් මේසයට හිස තබාගෙන සිටි ෂමිත් උස් හඬින් කීවේ, යේන් ඔහුව නැගිට්ටවන්නට උත්සාහ කරන විට ය. යේන් ඇස් ලොකු කර ඔහු දෙස බැලී ය.

"දැන් තනියෙන් යන්න පුලුවන් ද?!"

යේන් අසන විට ෂමිත් එක් විටම පුටුවෙන් නැගිට්ටේ ය.

"මට අගේට ඇවිදින්න පුලුවන්! බලන්න ඕනේ ද?"

කියූ ඔහු යන්නට හැරින. ඔහුට ඇවිදින්නට එතරම් අපහසුවක් නැති බව පෙනින. නමුත් ඔහු ඇදගෙන වැටේවි යන සැකය නිසා ම යේන් අඩියට දෙකට ඔහු අසලට ළං විය. මේ දෙස බලාගෙන සිටි වයින් මේසයේ සිටි සේවකයාගේ මුහුණේ ඇඳී ගියේ පුළුල් සිනහවකි.

ෂමිත් විදුලි සෝපානය තිබූ කොරිඩෝව දෙසට ද තනිවම හැරුනේ ය. නමුත් යේන් ඔහුට අඩියක් පමණ පිටුපසින් ආවේ හොඳ විමසිල්ලෙනි. ඒත් සමග ම ෂමිත් එක් අඩියක් ඉවතට තැබූ අතර යේන් ඔහුගේ වම් අතින් අල්ලා ගන්නට සූදානම් විය. ඒ ක්ෂණිකව යේන්ට තමාගේ වමත අල්ලාගත නොහැකි වන ලෙස බිත්තියට වාරු වූ ෂමිත් යේන් දෙස හිස ඔසවා බැලුවේ ය.

"ඔහොම යන්න බෑ!"

යේන් මදක් උස් හඬින් කීවේ ය.

The Deathtrap Where stories live. Discover now