40 පරිච්ඡේදය

1.4K 272 11
                                    

[Warning: Violence/ Self-harming ⚠️]


"යේන්?!"

"What the fuck?!"

ෂමිත්ගේ හඬ මුලු නිවසට ම ඇසෙන්නට ඇත. ඔහු ක්ෂණිකව යේන් වෙතට කඩා පැන ඔහුගේ දෑත් දෙපසට කර හැකි තරම් තදින් අල්ලා ගත්තේ ය. නමුත් යේන්ගේ වමතේ ඇඟිලි අතරට තද වී තිබූ කුඩා තලයක් සහිත පිහිය එලෙසම ය. යේන් හිස ඉහළට හරවා බලන්නට උත්සාහ කළේ ද නැත.

"යේන්!"

"ඔය පිහිය අහකට දාන්න!"

ඔහු එය අත හරින පාටක් නැත. නමුත් ඔහු ෂමිත්ගෙන් ඔහුගේ දෑත් මුදවා ගන්නට උත්සහ කළේ ද නැත. අවශ්‍ය නම් ඔහුට පහසුවෙන් ම ෂමිත්ගේ දෑත් ගලවා ගන්නට හැකියාව තිබිණි. නමුත් ඔහු සිදු කළේ එලෙසම සිටීම ය.

"යේන්! Please! ඔය පිහිය..... අත අරින්න!"

ෂමිත් කිවේ පිහිය රැඳී තිබූ ඔහුගේ වමතේ මැණික් කටුවෙන් තද කර අල්ලාගෙන අත යන්තම් හැරවීමට උත්සහ කරමිනි. ඔහුට අවශ්‍ය වූයේ යේන්ගේ අතින් පිහිය ලිහිල් කර වන්නට ය. ඒත් සමග ඔහු අල්ලාගෙන සිටි යේන්ගේ දකුණතෙහි මැණික් කටුවට මදක් පහළින් කැපී තිබූ සමෙන් වෑහුනු රුධිරය ඔහුගේ අත දිගට ගලා යන්නට විය. ඒ දුටු ෂමිත් තවත් තද කර යේන්ගේ වම් අතේ මැණික් කටුව පසෙකට ඇඹරුවේ ඔහුට වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසාවෙනි. ඔහු සිතුවේ මේ දැන් යේන් ඔහුට පයින් පහරක් හෝ ගසාවි කියා යි.

"යේන් Please ඕක අතාරින්න! ..... ඔය පිහිය..... අත අරිනවා!"

ෂමිත්ට තවත් ඔහුගේ අතින් ලේ ගලා යන්නට ඉඩ දිය නොහැකි ය. ඔහුට එය බලා සිටින්නට ද අපහසු ය. නමුත් ඔහු යේන්ගේ දෑත් අත් හරින්නට බිය විය. ඔහුට දැනුනේ දැඩි අසරණ බවකි. මේ මොහොතේ තමන්ට මීට වඩා කළ හැක්කේ කුමක් ද? මෙවැනි අවස්ථාවක කළ යුතු දේ පිළිබඳව ඔහුට අංශු මාත්‍රයක අදහසක් නොවී ය. ඔහුට දැනුණේ ඔහුගේ උගුරේ කුමක් හෝ හිර වී ඇති සෙයකි. එයින් ඔහුට කෙල ගිල ගන්නට ද අපහසු වන බව ඔහුට දැනිණි. ඔහු සිටියේ අන්තයට ම බිය වී කියතොත් නිවැරදි ය. ජීවිතයේ කිසි දිනෙක මෙවැනි අවස්ථාවකට මුහුණ නොදුන් ඔහු එසේ අතරමං වීම සාමාන්‍ය ය.

The Deathtrap Where stories live. Discover now