'බූරුවෝ මේකෙන් බේරෙන්න මොකක් හරි විදියක් හිතපන්! මොන ලබ්බක්ද මේ?! මුන් එක්ක හොඳින් කතා කළොත් මුකුත් කර ගන්න බැරි වෙයි ද??'
එහි සිටි මිනිසුන් කිහිපදෙනා දෙස බලාගෙන ෂමිත් එකදිගට ම සිතන්නට විය. එහි සිටියේ මැදි වියේ යැයි සිතිය හැකි පිරිමින් තිදෙනෙකි. ඔවුන් ඉතා සාමාන්‍ය පෙනුමින් යුතු වුවත් ඔවුන් එතරම් සමගි සහගතව කටයුතු කළ හැකි පුද්ගලයන් විය නොහැකි ය. නමුත් ඔවුන්ගෙන් දිස් වූයේ දරුණු පාතාල කාරයන්ගේ විකාර කාරී මැර ස්වරූපයක් නම් නොවේ. ඔවුන්ගේ වූයේ යම් තරමක වැදගත් පෙනුමකි. එය ෂෙහාන්ගේ පෙනුමට සමාන ය.
ඒත් සමග ෂමිත්ට සිහි වූයේ ෂෙහාන් එහි පෙනෙන්නට නැති බව ය. ෂමිත් වටපිට බැලුවේ ඔහුව සොයමින් වුවත් වටාපිටාවේ සෑම දෙසකින් ම ඔහුගේ නෙත ගැටුණේ ඝන අන්ධකාරය පමණි. ඔහු සිටියේ ඉදිකිරීම් අවසන් නොකළ ගොඩනැගිල්ලක් තුළ බව සිතා ගත හැකි විය. මේ පිරිස මෙහි මද වේලාවක් තිස්සේ සිට ඇති බව ද පෙනින. එහි නිසි ආලෝකයක් තිබුණේ ඔවුන් සිටි තැනට පමණි. ෂමිත් හිස ඔසවා මේ මිනිසුන් කිහිපදෙනා දෙස බැලුවේ ය.
"ඔය කටේ තියෙන එක අයින් කරපන්."
එකෙක් කීවේ ය. ෂමිත්ව එහි රැගෙන ආ පුද්ගලයා ෂමිත්ගේ කටේ තිබූ රෙදි පටිය ගලවා දැමී ය. ෂමිත්ට නිසි ලෙස හුස්මක් කටක් ගන්නට හැකි වූයේ එවිට ය. එම රෙදි පටියේ වූ තද බව නිසා ඔහුගේ දෙතොල් තවමත් වේදනා දෙයි. ඔහු කට එහෙ මෙහෙ කරමින් අවධානයෙන් මේ මිනිසුන් දෙස බැලී ය. මුලින් ම ඔවුන් සමග කතාව අරඹන්නේ කෙසේ ද? තමාට කිසිදු අනතුරක් නොවන ලෙසට ඔහු සංවාදය රැගෙන යා යුතු ය.
"කොල්ලෝ. වැඩේ වෙන්නෙ මෙන්න මෙහෙමයි...."
නමුත් ෂමිත් කිසිවක් කියන්නටත් පෙර එහි සිටි මිනිසුන් තිදෙනාගෙන් එක් අයෙක් කතා කළේ ය.
"තමුසෙට තියෙන්නේ අර මිනිහ තමුසෙගෙන් බලාපොරොත්තු වෙන වචනේ දෙන්න විතරයි. හරි ද? ඒක දෙනව නම් මෙතන අපිට කරන්න දෙයක් නෑ. තමුසේ ඒකට බෑ ම කියනව නම්, අපිට කරන්න තියෙන්නේ තමුසෙව ඒකට හා කියන තත්ත්වෙට පත් කරන්න. එච්චරයි. ඒ නිසා දැන්ම ඔන්න ඕක කියලා දාහන්."
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...