21 පරිච්ඡේදය

1.4K 270 13
                                    

"Hello? Yeah bro. මං දැං එහෙ තමයි ඉන්නේ." 

යේන්ගේ සාමාන්‍ය සුපුරුදු ස්වරය ඇසෙන විට ෂමිත් හිස හරවා ඔහු දෙස බැලුවේ ය. වයින් මේසයට පිටුපස හරවා හේත්තු වූ ඔහු එක් අතකින් වයින් වීදුරුව සොලවමින් අනෙක් අතින් ජංගම දුරකථනය අතේ තබාගෙන කතා කරන්නට විය. 

"විකාර ද අයිසේ? මටත් යන්න පුලුවන් සීමාවක් තියෙනවනේ. I'm trying." 

"ඔව්,ඔව්. He's not bad." 

එසේ කියමින් යේන් ෂමිත් දෙස බැලුවේ ය. බැලුවා නොව ඔහුට නිරායාසයෙන්ම බැලිනි. 

"ඔව්. මෙතන ඉන්නවා." 

ඔහු කීය. මේ කියන්නේ තමන් පිළිබඳව ද? ෂමිත් තවත් මදක් ඔහුගේ අවධානය වැඩි කළේ ය. 

"බලමු. මන් දන්නවා. උන් මේක අත අරින්නෑ. We'll see...." 

යේන් කීවේ සිනාසෙමිනි. ඔහු කතා කළේ මිතුරෙකු සමග මිස තරහකරුවෙකූ සමග නොවන බව ෂමිත් තේරුම් ගත්තේ ය. ඇමතුම අවසන් කළ යේන් දුරකථනය ඔහුගේ සාක්කුවට දමා ගෙන නැවත අනෙක් පස හැරිනි. ඒත් සමග තවත් කෙනෙකු ඔවුන් දෙසට පැමිණෙන ආකාරය ෂමිත් දුටුවේ ය. කුණු කතාවක් අසා ගන්නට ෂමිත් සුදානම් වූයේ ඔහුව දුර තියාම දුටු විට ය. 

"යේන්...."

ෂමිත් කියන විට ඔහු දෙස බැලු යේන් ද අනෙක් පස හැරී ෂමිත් බලා සිටින දෙය වෙතම නෙත් යොමු කළේ ය. යේන් පැමිණෙන පුද්ගලයාගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ කිසිදු පැකිලීමකින් තොරව ය. ඒ වෙනකෙක් නොව යේන්ගේ පියා ය. ඔහුගේ දැවෙන කෝපය ඔහුගේ දෑස්වලින් ම වටහා ගත හැකි විය.

"යේන්!" 

ඔහුගේ ස්වරයේ ද වෙනසක් නොවින.

"ඇයි?" 

යේන්ගේ ස්වරය සන්සුන් ය. ෂමිත් පසෙකට වී දෙදෙනා දෙස ම බලා සිටියේ ය. 

"තමුසෙගේ ඔලුව හොඳ නැද්ද?!" 

"ඒක වෙලා දැන් ගොඩක් කල් නේ? Who do you think responsible for that?!"

The Deathtrap Where stories live. Discover now