99 පරිච්ඡේදය

751 182 32
                                    


"මං කෙලින් ම කියන්නම් ෂමිත්. යේන් කියන්නේ.... යේන් මගෙයි මාලියාගෙයි ළමයෙක් නෙවෙයි..."

කාමරය පුරා පැතිර ගියේ මීයට පිම්බාක් වැනි නිහඬතාවයකි. ඒ නිසාම දෝ මීළඟට ඇසුණු ෂමිත්ගේ හඬ මුළු කාමරය පුරාවට ම පැතිර ගියේ ය.

"අ-ඈ?!"

එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටි කුමාර් සුසුමක් පිට කරමින් සන්සුන් ස්වරයෙන් කතා කළේ ය.

"හරියට කියනව නං... යේන් මගෙ ළමයා. මාලියාගේ නෙවෙයි."

ඔහු ෂමිත්ට තිබූ ගැටලුව නිරාකරණය කළේ ය.

"එතකොට? යේන්ගේ අම්මා??"

කුමාර් හිස සෙලෙව්වේ ෂමිත් සිතනා දේ නිවැරදි බව තහවුරු කරන්නට මෙනි.

"වෙන කෙනෙක්."

මොහොතක් කුමාර් දෙස එක එල්ලේ බලා සිටි ෂමිත් වෙනතක් බලා ගත්තේ එක දිගට ම ඇස් පිල්ලම් ගසමින් සිදු වූ නිසි ලෙස ග්‍රහණය කර ගනිමිනි.

"...හරි. මට තේරුනා... Sir කියන්න තියෙන කතාව... කියන්න."

ෂමිත් තැනින් තැන නවත්වා කීවේ ය. එයින් තරමකට සෑහීමට පත් වුනු කුමාර් හිස කොට්ටයට හේත්තු කරගෙන දෑස් පියා ගත්තේ ය.

"මට... මුලින් ම යේන්ගේ අම්මා... අ... එයාගේ නම... රිද්මා. එයාව හම්බුවෙද්දී... මට දහ අටක් විතර ඇති... එයත් මගෙ වයසෙම යි. ඒත් එයා මට වඩා ගොඩක් වෙනස්. සමහර වෙලාවට අපේ personalities නිකන් opposite එක වගේ. ඒත් මං දන්නෑ මොකක් නිසා ද කියලා අපි දෙන්න මාර ඉක්මනට fit උනා. එහෙම තමා අපේ relationship එක පටන් ගත්තේ. ඒක අපේ තාත්තාවත්, පවුලේ වෙන කිසි කෙනෙක්වත් දැනන් හිටියේ නෑ. මං කිව්වෙත් නෑ. තාත්තා ඕනවට වඩා strict නිසා එහෙම දෙයක් කිව්වොත් ප්‍රශ්නයක් වෙයි කියලා මං දැනන් හිටියා. රිද්මට එහෙම බලා ගන්න කියලා family එකක් හිටියේ නෑ. ඒ හින්දා අපේ relationship එක හංගන්න ඕනේ උනේ මගෙ family එකෙන් විතරයි..."

කුමාර් තවත් දිගු සුසුමක් පිට කළේ ය. ෂමිත් නිහඬව ඔහුගේ කතාවට කන් දීගෙන සිටියේ ය.

The Deathtrap Where stories live. Discover now