39 පරිච්ඡේදය

1.3K 251 15
                                    

[Warning : Abuse⚠️]

වාහනයට ගොඩ වූ මොහොතේ පටන් තවමත් යේන් නිහඬ ය. වාහනයේ වීදුරුවෙන් පිටත බලා ගත්වන ම සිටින ඔහු ගැන ෂමිත් සිටියේ හොඳ අවධානයෙනි. ඔහු සිටි තත්ත්වය ෂමිත්ට නිසි ලෙස වැටහුණේ ඔහු හිඳ සිටි තැනින් නැගිට්ටවා ගත් පසුව ය. ඔහු සිටියේ දැඩි සේ බීමත්ව ය. නමුත් ඔහුට ඇවිදින්නට හැකියාව තිබිණි. වැස්සට තෙමී සිටියත් ඔහුගෙන් වහනය වූ මත්පැන් සුවඳෙහි අඩුවක් නොවී ය.

ඔහු මේ සිටින්නේ කුමකට හෝ දැඩි තරහකින් බව ෂමිත් තේරුම් ගත්තේ ය. ප්‍රශ්න ඇසීමෙන් සිදු වන්නේ එය තවත් වැඩි වීම පමණකි. නමුත් ෂමිත්ට කළ හැකි දෙයක් නොවී ය. ඔහුට යේන්ව වාහනය වෙතට ගෙන්වා ගන්නට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය. එසේම ඔහු පැමිණි වාහනය හා එහි යතුර කොහේදැයි යේන්ගෙන් අසා ගන්නට ද එතරම් පහසු වූයේ නැත.

ඔහුගේ වාහනය තිබුණේ සමාජ ශාලාවට අයත් රථ ගාලෙහි ය. එය නිසි ලෙස යතුරෙන් අගුලු ලා, යතුරත් රැගෙන නැවත පැමිණෙන විට පාන්දර තුනත් පසු වී තිබිණි. ඔහු, එන අතරතුර යේන්ගේ අකමැත්තෙන් වුවත් ඔහුව වාරු කර ගත්තේ ය. ඔහුගේ ජංගම දුරකථනය සාක්කුවේ ඇති දැයි බලන්නට ද ෂමිත් අතපසු නොකළේ ය. අවසානයේ ඒ සියල්ලෙන්ම සිදු වූයේ යේන් දැඩි නොරුස්සන තත්ත්වයකට පත් වීම ය.

ෂමිත් වාහනයේ රියදුරුට පැවසුවේ යේන් කලින් සිටි නිවස ඇති ප්‍රදේශයේ නම පමණි. නිවස ඇත්තේ කොහේදැයි ඔහු නිශ්චිතව දැන සිටියේ නැත. ඒ මොහොතේ යේන්ගෙන් එය ඇසීම එතරම් හොඳ දෙයක් නොවන බව වැටහීමෙන් ඔහු විරාජ්ට පණිවිඩයක් යැව්වේ එම නිවස ඇත්තේ කොහේදැයි විමසමිනි. නමුත් ඊට පෙර ම විරාජ් එම නිවස ඇති ස්ථානය නිසි ලෙස ජංගම දුරකථනයට එවා තිබිණි.

එය රියැදුරුට පෙන්වූ ෂමිත් සැනසුම් සුසුමක් පිට කරමින් පිටුපස අසුනට හේත්තු වී ඔහුට වම්පස සිටින යේන් දෙස හිස හරවා බැලුවේ ය. ඔහු සිටියේ ගල් පිළිමයක් මෙන් නොසෙල්වී වීදුරුවට වදින වැහි බිඳු දෙස නෙත් යොමාගෙන ය. තව දුරටත් ඔහුට බාධා කරන්නට නොසිතූ ෂමිත් ද නිහඬව හිස පසුපසට හේත්තු කරගෙන යන්තමින් දෑස් පියා ගත්තේ ය.

The Deathtrap Where stories live. Discover now