50 පරිච්ඡේදය

1.4K 260 37
                                    

"අයියේ ඉක්මනට එන්ඩෝ!"

නාන කාමරයේ දොර ඉදිරියට වී සිටි ප්‍රශේන් උස් හඬින් කෑගැසුවේ ය.

"පොඩ්ඩක් ඉන්නවා!"

ඊටත් වඩා උස් හඬකින් නාන කාමරය තුළින් ප්‍රතිචාරය ලැබිණි. ඒත් සමග යේන් පිටත සිට නිවස තුළට පැමිණි නිසාවෙන් ප්‍රශේන් ක්ෂණිකව නිහඬ විය. කොට කලිසමකට මාරු වී පෙර දින හැඳ සිටි ෂර්ටයම හැඳ සිටි යේන් සාලයේ සෝපාවට පැමිණ එහි හිඳ ගෙන තම දුරකථනය අතට ගත්තේ ය.

මේ වන විට උදෑසන නවයට ළං වී තිබූ අතර ඔවුන් උදෑසන ආහාරය ද අවසන් කර තිබිණි. ප්‍රශේන්ට එදින බඩ කට පිරෙන්නට ආහාර ගන්නට අවස්ථාව හිමි වූයේ යේන් කුමක් හෝ හේතුවක් නිසා ඔවුන්ගේ ප්‍රියතම චීන අවන්හලෙන් ආහාර ඇනවුම් කර තිබීම නිසාවෙනි. එයින් කිසිදු පෙරැත්ත කිරීමකින් තොරවම ප්‍රශේන්ට ද පෙර දී ෂමිත් වහසි බස් දෙඩූ අවන්හලෙන්ම ආහාර ගන්නට හැකි විය.

ප්‍රශේන්ට ඇතුළට යන්නට ඉඩ දෙමින් ෂමිත් නාන කාමරයෙන් පිටතට ආවේ මූණ අතපය සෝදා ගෙන ය. යේන් සාලයේ වාඩි වී සිටිනු දුටු ඔහු ද ඊට එහා ඇති සෝපාවෙන් හිඳ ගත්තේ සාලුවකින් මූණ පිස දමමිනි. යේන් දුරකථනය අතේ තබාගෙනම ෂමිත් වෙත නෙත් යොමු කළේ ය.

"දැන් අපි යන්නේ කොහොමද?"

ෂමිත් ඇසුවේ පුටුවේ පිටුපසට හේත්තු වෙමිනි.

"ඔයාලට කැමති දවසක යන්න පුලුවන්. මං ගෙනිහින් දාන්නම්."

"එහෙනම් අද ගෙනිහින් දාන්න පුලුවන්ද? හෙට පළවෙනිද නේ."

"No problem."

"මං learners එකක් බැලුවා. කිරුලපනම යි. ඔයාට next week එකේ ම යන්න පුලුවන්."

ෂමිත් යන්තම් සිනා විය.

"Thanks!"

"ඊළඟට move out වෙන දිහා....."

යේන් කල්පනා කරමින් කියන විටම ෂමිත් කතා කළේ ය.

"යේන්, හැබැයි දැන් නම්, මට හිතෙන්නේ මට move out වෙන්න ඕනෙත් නෑ වගේ. තිබ්බ කරදරේ දැන් ඉවරයිනේ. අනික මට එහෙ ඉඳගෙන ප්‍රශේන් ගැන බලන්නත් ලේසියි...."

යේන් කලකිරීමට පත් පෙනුමකින් ෂමිත් ලෙස බලා සිටියේ ය.

"ඒ නිසා ද දැන් අර දිරච්ච ගේ ඇතුළේ ඉන්න ඕනෙ?"

The Deathtrap Where stories live. Discover now