30 පරිච්ඡේදය

1.5K 268 20
                                    

"Wow නොයෙල්! Relax! It was just a joke! ඔහොම ගියොත් මගෙ වාහනේ seat එක උණු වෙනවා!" 

යේන් කීවේ තවත් විනාඩි හය හතක් ගිය පසුත් ෂමිත් කතා නොකරන බව තහවුරු කර ගත් පසුව ය. 

"මං කොහොමත් ඔයාගේ නම කියන්නෑ යාලුවො ඉස්සරහදී. Don't worry." 

ෂමිත් තවත් සුසුමක් ඇද ගත්තේ ය. 

"ආයේ ඔහොම දෙයක් කළොත්-" 

ෂමිත් කීවේ ඉදිරිය බලාගෙන දත් මිටි කමිනි. 

"කළොත්?" 

යේන්ගේ වචනය ඊට පෙර ඉස්සර විය. 

"මොකද කරන්නේ? අර එදා dope පිට කිව්වා වගේ මූණ පොඩි වෙන්න ගහනව ද?!" 

ෂමිත් ක්ෂණිකව යේන් දෙස බැලුවේ ය. 

"මං මොකක් කිව්වා?!" 

යේන් සැහැල්ලුවෙන් සිනහ විය. 

"ඒක තමයි කිව්වේ. වෙලාවට කියපුවා මතක නැත්තේ. නැත්තන් ඔයාට රෙදි ගලවල යන්න වෙන්නේ."

"මොන මගුලට ද ඒ?! මං මොනවද කිව්වේ?" 

ෂමිත් දැඩි සේ කලබල වී ඇති බව පෙනින. යේන්ට මෙතෙක් වේලා කළ සෙල්ලම තවමත් නවත්වන්නට සිත් නොදුන්නේ ය. ඔහු ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට විය. 

"හොඳට මතක් කරල බලන්න." 

ෂමිත් නිහඬව ම ඔහුගේ මුලු මතකයම කලඹන්නට විය. නමුත් ඔහුට එදින සිදු වූ සිදුවීම් කිහිපය හැර ඔහු පැවසූ කිසිවක් මතකයට නගා ගත හැකි නොවින. යේන් එය තේරුම් ගත්තේ ය. 

"මතක් වෙන්නැද්ද?" 

ෂමිත් යන්තම් හිස දෙපසට සෙලෙව්වේ ය. 

"ඔයා කිව්වා...." 

ෂමිත් දැඩි අවධානයකින් ඔහු කියන්නට යන්නේ කුමක්දැයි බලා සිටියේ ය. ඔහුට ඇති වූයේ එතරම් හොඳ හැඟීමක් නොවේ. 

"I can't hold back anymore යේන්, please fuck me right now කියලා!" 

ෂමිත්ට මොහොතකට කියන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි විය. නමුත් වෙරි මතින් වුවත් ඔහු එවැනි දෙයක් නොකියූ බව ඔහුට සියයට සියයක්ම විශ්වාස ය. යේන් තවමත් තමා සමග සෙල්ලම් කිරීම නවත්වා නැති බව ඔහුට පෙනින. 

The Deathtrap Where stories live. Discover now