143 පරිච්ඡේදය

743 156 119
                                    


[Warning: self harm/ violence ⚠️]

[පැය එකහමාරකට පෙර]


හිස, පසුපසට බර කරගෙන, පුටුවේ ලී ඇන්දට හේත්තු කරගෙන සිටි ෂමිත් දෑස් විවර කර බැලුවේ ඔහුගේ මුරට සිටි මිනිසුන් දෙදෙනාගේ කටහඬවල් සවන් වැකීමෙනි. හිස කෙලින් කර ගත් ෂමිත් ඔවුන්ගේ සංවාදයට සාවධානව කන් දුන්නේ ය. කුමකට හෝ ඔවුන් දැඩි සේ කලබල වී ඇති සෙයකි. ඔවුන්ගේ හැසිරීමෙන් ෂමිත්ට සිදු වී ඇති දේ පහසුවෙන් ම අනුමාන කරන්නට හැකි විය. ඒ ඔහු එවැන්නක් බලාපොරොත්තුවෙන් සිටි නිසාවෙනි.

තප්පර කිහිපයකින් ම අනෙක් මිනිසුන් දෙදෙනා කලබලයෙන් එක එක අයට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්තේ ය. එයින් ම පොලීසියෙන් වැඩ අරඹා ඇති බව ෂමිත්ට නිසැක විය. මීළඟට සිදු වන දෙයට ඔහු ඒ මොහොතේම සූදානම් විය. ඔහුගේ දෑත් පුටුවේ පිටුපසට කර බැඳ ඇත. ඔහු එය ලිහිල් කර ගන්නට දැරිය හැකි සෑම උත්සාහයක් ම යොදා ඇත. එනිසාවෙන් එය දැනට ම යන්තමින් ලිහිල් ය.

එසේ ම ඔහුගේ දෙකකුල්වලට හෝ දෑත්වලට කිසිදු හානියක් සිදු වී නොතිබිණි. හානි වී තිබුණේ ඔහුගේ තොලෙහි එක් කොනක්, මුහුණේ වම් පස නිකට අසලට වන්නට හා ඔහුගේ ඉන හා උදරය යි. පහර දෙන විට ඔවුන් ෂමිත්ගේ මුහුණ ඉලක්ක කර පහර දුන්නේ මුලදී පමණි. එහෙයින් ඔහුගේ මුහුණට එතරම් හානියක් වී තිබුණේ නැත. නමුත් ඇවිදින විට හෝ දුවන විට නිසැකව ම ඔහුගේ උදරය හා ඉන වේදනා දෙන්නට පටන් ගනී.

නමුත් එසේ කියා ලැබෙන කුඩා අවස්ථාව හෝ උත්සාහ නොකර අත් හැර දැමිය හැකි ද? එය අපරාධයකි. ෂමිත් එවැනි අවස්ථාවන් කිසිසේත් ම අත් නොහරින්නෙකි. කළ යුතු දේවල් එකින් එක සිතින් මවා ගනිමින් ෂමිත් මිනිසුන් දෙදෙනා ඔහු අසලට පැමිණෙන තුරු බලා සිටියේ ය. ඔහුට තවම නිසි ලෙස කතා කරන්නට හැකි වීම මේ මොහොතේ වාසියක් විය හැකි ය.

තවත් මිනිත්තුවකින් පමණ ෂමිත් සිටි කාමරයේ දොර හැරගෙන එකෙකු ඇතුලු විය. ඔහුගේ ම අවාසනාවට හෝ, ෂමිත්ගේ වාසනාවට හෝ එහි පැමිණි කෙනා ඉතාමත් පොඩි පෙනුමකින් යුතු අයෙකු විය. මිනිසෙකු ලෙස හඳුන්වනවාට වඩා ඔහු ළාබාල තරුණයෙකු ලෙස හැඳින්වීම සුදුසු ය. මන්ද ඔහු ෂමිත්ටත් වඩා තරුණ පෙනුමකින් යුතු වූ බැවිනි.

The Deathtrap Where stories live. Discover now