129 පරිච්ඡේදය

786 158 86
                                    

රෝහලේ සිදු වී ඇත්තේ කුමක් දැයි කුමාර් නිසැකව ම දැන නොසිටියත්, රිද්මා මේ වන විට සිටින්නේ ඉතා අසාධ්‍ය තත්ත්වයක බව ඔහු යේන්ට පවසා තිබිණි. ඔහුගේ ඉල්ලීම වූයේ මේ මොහොතේ ඔහුට එහි යා නොහැකි නිසාවෙන් යේන්ට එහි යන ලෙස පැවසීම යි. තම මව ගැන බැලීමේ වගකීම තමා භාරගෙන ඇති නිසා එයට විරුද්ධ වන්නට යේන්ට කිසිදු හැකියාවක් නොතිබිණි. එබැවින් යේන් කුලී රථයෙන් ම ගොස් රෝහල ඉදිරිපිටින් බැස්සේ ය. ඔහු සිටියේ මේ මොහොතේ වෙනත් කිසිවෙකු මෙහි රැගෙන එන්නට හැකි තත්‍ත්වයක නොවේ.

මුඛ ආවරණයක් පැළඳගෙන, කැප් තොප්පියක් දමාගෙන සිටි ඔහුට රෝහල තුළට යන්නට මද වේලාවක් ගත විය. එහි ඇතුළු වූ මොහොතේ ම කුමක් හෝ ගැටලුවක් ඇති බව ඔහුට දැනිණි. එය ඔහුට දැන ගන්නට ලැබුණේ තවත් මිනිත්තු කිහිපයකට පසු ය. ඔහු තම මවගේ තත්ත්වය බැලීමට පැමිණියත් ඔහු මේ වන විටත් එයට ප්‍රමාද වී සිටියේ ය. ඇයව බලන්නට හැකි වුවත් ඔහුට තව දුරටත් ඇය සමග කතා කරන්නට හෝ සතුටු සාමීචියේ යෙදෙන්නට ඉඩක් නැත.

ඔහු එහි යන විටත් මළ සිරුර කාමරයෙන් ඉවත් කර නොතිබිණි. ඔහු ප්‍රමාද වී ඇත්තේ මිනිත්තු කිහිපයක් බව පැහැදිලි ය. ඔහු කාමරයේ දොරකොඩින් නැවතිණ. ඒ තුළ ඒ වන විටත් හෙදියන් කිහිප දෙනෙක් හා යේන් හමු වන්නට බලාපොරොත්තුවෙන් පැමිණි පුද්ගලයා ද සිටි බව පෙනින. කාමරය තුළට නොගිය ඔහු එලෙසම දොරකඩ අසල නැවතිනි. ඔහුගේ මවගේ සිරුර ඒ වන විටත් සුදු රෙද්දකින් වසා තිබිණි.

හෙදියක් සමග කතා කරමින් සිටි ෂෙරිල් යේන්ව දුටු මොහොතේ ම ඔහුව හඳුනා ගත් බව පෙනින. ඇය එහි සිටි හෙදියට යමක් කියා යේන් වෙතට අඩි දෙකට තුනට පැමිණියා ය. ඇගේ මුහුණේ වූයේ දැවෙන කෝපයකි.

"මං මෙච්චර call කරලත් එක පාරක් phone එක answer කරන්න බැරි උනා ද?!"

ඇය ඇසුවේ උස් හඬිනි.

"කී පාරක් ගත්තද කියලා දන්නව ද?!"

යේන් නිහඬව සුදු රෙදිකඩ දෙස බලා සිටියේ ය.

"මට වැඩක් නෑ social media වල ගිය මොන කෙහෙල්මල නිසා හැංගිලා හිටියත්! හැබැයි මීට පස්සේවත් මෙහෙම වෙලාවක කතා කළාම පොඩ්ඩක් බලන්න දැන ගන්නවා! හහ්! තව මොනව බලන්න ද ඉතින්. වෙන්න ඕනේ ටික වෙලා ඉවරයි නේ!"

The Deathtrap Where stories live. Discover now