122 පරිච්ඡේදය

801 158 58
                                    


"යේන්!"

තරමක් උස් හඬින් කියූ ඔහු, ඔහුගේ ගත වටා එතී තිබූ යේන්ගේ බාහු දෙකෙන් ම අල්ලා ගත්තේ ය. නමුත් යේන්ව ඈත් කරන්නට එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවිනි. තප්පර කිහිපයකින් ම ඔහුට යේන්ගේ දෙතොල් ස්පර්ශ වන තැනින් එතරම් තියුණු නොවූ වේදනාවක් දැනිණ.

"ස්ස්ස්..."

ෂමිත්ගේ මුවින් ඉබේට ම පිට විය. 

"...යේන්?"

යේන් කරන්නේ කුමක්දැයි ඔහුට මේ වන විට වැටහී තිබිණ. ඔහු යේන්ව නවත්වන්නට උත්සහ නොකළේ ය. මොහොතකින් යේන්ගේ දෙතොල් ෂමිත්ගේ ගෙලෙහි පෙරට වඩා මදක් ඉහළින් ස්පර්ශ විය. දෑස් පියාගෙන සිටි ෂමිත් ක්ෂණිකව දෑස් හැර බැලී ය. ඔහු හෙට වැඩට යා යුතු ය. හඳින ෂර්ටයේ කොලරය එතරම් උස් නැත. ගෙල පහළ ඇති පැල්ලම වසා ගත්ත ද ඉහළ ඇති පැල්ලමක් නිසැකව ම පිටතට නිරාවරණය වෙයි. ඔහුට යේන්ව නවත්වන්නට අවශ්‍ය වූයේ ඒ මොහොතේ දී යි. 

ඔහු කුමක් හො කියන්නට මුව විවර කළත් ඒ වෙනුවට ඔහුට නිරායාසයෙන් ම තරමක් උස් හඬින් හුස්මක් ඉහළට ඇදිණි. එයට හේතුව ඔහුට යේන්ගේ ගතින් දැනුණු වෙනස යි. යේන් ඔහුගේ ගතට හේත්තු වී සිටි නිසාවෙන් ඔහුට එය පැහැදිලිව ම දැනිණ.

"අ... යෙ-යේන්?!"

ෂමිත් දැඩි අපහසුවෙන් කියා ගත්තේ ය. තම ගතෙහි වෙනස ෂමිත් තේරුම් ගත් බව යේන්ට වැටහිණ.

"Fuck..."

ඔහු සිහින් හඬින් කීවේ තම දෙතොල්, ෂමිත්ගේ ගෙලින් ඉවත් කර ගනිමිනි. ෂමිත් නොසෙල් වී බලා සිටියේ ඔහු කුමක් හෝ කියන තුරු යි. නමුත් හිස ඔසවා බලන්නට උත්සාහ නොකළ යේන් ෂමිත්ව ලිහිල් කර, ඔහුගෙන් යන්තමින් ඈත් වී, මොහොතක් එලෙස ම ගෙවා දැමී ය. ඔහු පත් වී සිටින ගැටලුව ෂමිත්ට වටහා ගත හැකි ය. යේන් පමණක් නොව ෂමිත් ද මෙය පසු ගිය කාලය තුළ අනන්තවත් අත්දැක ඇත. එබැවින් එහි ඇති අපහසුව අමුතුවෙන් කිව යුතු ද නැත. 

"යේන්?" 

ෂමිත් කීවේ ඔහුගේ අත යේන්ගේ ඉන දෙසට ළං කරමිනි. නමුත් ඊට පෙර යේන් ඒ අතින් අල්ලා ඔහුව නැවැත්වී ය.

The Deathtrap Where stories live. Discover now