57 පරිච්ඡේදය

1.2K 254 55
                                    


"Ok! Calm down! Calm down! දැනට අවුලක් නෑ. පොර දැන්ම මාව හම්බුවෙන්න අහන එකක් නෑ. ඒ නිසා මට කියන්න මොකක් හරි හදා ගන්න කල් තියෙනවා....."

ඒ ජනවාරි පළවෙනිදා ෂමිත්ගේ දවස ගෙවී ගිය අයුරු ය. ඔහු හැකි තරමක් ජංගම දුරකථනයෙන් ඈත් වී සිටින්නට උත්සහ ගන්නට විය.

"Shit! I can't! I can't! ෂමිත් තෝ වගේ ගොං හරකෙක්! මොන ලබ්බක් ද ඒ කළේ?! සිරාවටම මී හරකෙක්! මොකාද අම්මගෙන් ගුටියක් කෑවා කියලා බොන්නේ?! Fuck! මට බෙල්ලේ වැල දා ගන්න වෙන්නේ!"

ඒ ෂමිත් ජනවාරි දෙවැනි දින ගෙවා දැමූ අයුරු ය. කෙසේ වෙතත් ෂමිත් බලාපොරොත්තු වූ අයුරෙන් යේන්ගෙන් කිසිදු පණිවිඩයක් පැමිණියේ නැත. එය එක් අතකට ඔහුගේ සිතට සහනයක් ගෙන දුන් අතර අනෙක් අතට ඔහුගේ පීඩනය දෙගුණ තෙගුණ කරන්නට විය. තමාගේ වෙරි වූ ස්වරූපය නිසාවෙන් යේන්ට තමාව එපා වී ඇත් නම්?

"හරි. හරි. දැං උන දේ උනා. ආයේ දඟලලා වැඩක් නෑ. කරන්න තියෙන්නේ මේ යකාට මූණ දෙන්න විදියක් හොයා ගන්න එක."

ඔහු විසඳුමක් සොයමින් ජනවාරි මස තුන්වැනි දින ද ගෙවා දැමී ය.

"Fuck! Fuck! Fuck! මට calm down වෙන්න බෑ! මොන මගුලක් ද මං කියන්නේ?! මං කොහොමද මූණ දෙන්නේ?! මට ඒ යකාගේ මූණවත් බලන්න බෑ!"

ඒ ඔහු ජනවාරි මාස සිව්වන දින ගෙවා දැමූ අයුරු ය. පස්වැනි දින ද කල්පනා කරමින් ඇඳේ දිගා වී සිටි ඔහු කෙළින් වී ඇඳ විට්ටමට හේත්තු වූයේ අවසන් තීරණයකට පැමිණි විලසිනි.

"හරි. එක solution එකයි තියෙන්නේ! මං හිටියේ කරටි කැඩෙන්න ගහලා හොඳ සිහියෙන් නෙවෙයි! ඒ නිසා. මට මුකුත් මතක නෑ!"

ඔහු උස් හඬින් ඔහුට ම කියා ගත්තේ ය. තප්පර කිහිපයක් නිහඬව ගත විනි.

"අන්න right! මට මුකුත් මතක නෑ! ........ Shit! ඒක මීට කලින් අහල තියෙන විදියේ බොරුවක් තමා..... ඒත් ඒක ටිකක් හරි පිළිගන්න පුලුවන් විදියේ එකක්නේ. මුකුත් ම මතක නැති වෙන්නත් බෑ. මෙච්චරයි! මුල ඉඳල උන ඒවා තැනින් තැන කැඩී කැඩී යන්තම් මතක යි. ඒ ඇරුනම වෙන මුකුත් මතක නෑ! හරි. හරි. අන්න හරි. ඒක තමා කියන්න තියෙන එකම දේ. මං කොහොමත් කරන්නේ රඟපාන එකනේ! ඕක මතක නෑ වගේ රඟපාන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි! Yes! That's it!"

The Deathtrap Where stories live. Discover now