27 පරිච්ඡේදය

1.5K 262 8
                                    

දින කිහිපයකින් පසු බඩ කට පිරෙන තෙක් නිවී සැනසිල්ලේ ආහාර ගත් ෂමිත් ඇඳෙන් බැස ඔහුට දැන් වේදනාවකින් තොරව ඇවිදින්නට හැකි දැයි පිරික්සා බැලී ය. ඔහුට පෙර දී දැනුණු වේදනාව මේ වන විට අඩු වී තිබිණි. ඒ අතර ඔහුගේ නෙත ගැටුණේ කාමරය කොනේ පුටුව පිටුපස බිම වැටී තිබූ යමකි. ඔහු නැවී එය අහුලා ගත්තේ ය.

"මේ? යේන්ගෙ tie එක??"

ෂමිත් එය දුටු සැනින් හඳුනා ගත්තේ ය. යේන් පුටු ඇන්දේ දමා තිබූ සූට් ජැකට්ටුව නැවත ගන්නා අවස්ථාවේ දී එය බිම වැටෙන්නට ඇත. ෂමිත්ගේ ඇඟිලි තුඩුවලට තද නිල් පැහැති සිල්ක් රෙදි පටියේ ඇති සිනිඳු බව පැහැදිලිව ම දැනිණි. ඒ නිල් පැහැයේ දීප්තිමත් බව ෂමිත්ගේ සිත් නොගත්තා කියතොත් එය බොරුවකි.


........................................


එදින රාත්‍රී අට හමාර වන විට කාමරයේ දොරට තට්ටු කර ඇතුළට පැමිණියේ ෂමිත්ට ඉතා හුරු පුරුදු මුහුණකි. ඒ වන විටත් රෝහලෙන් දුන් පිරිසිදු ඇඳුම් හැඳ, ඇඳෙහි සැප පහසුවට දිගා වී රූපවාහිනිය දෙස නෙත් යොමු කරගෙන සිටි ෂමිත්ගේ නෙත් ඒ පුද්ගලයා වෙත යොමු වෙද්දීම ඔහුගේ මුවග ඇඳී ගියේ සුහද සිනහවකි. යේන් පැමිණෙන විට තමන්ට මෙසේ සැහැල්ලු සිනහවකින් ප්‍රතිචාර දක්වන්නට නොහැකි ඇයි දැයි සිතන අතර ෂමිත් කකුල් නවා ගනිමින් මදක් කෙළින් වී ඇඳෙහි හිඳ ගත්තේ ය.

"ආ මල්ලී...... ගුටි කාලා ආවා කිව්වට මූ මෙතන මාර ආතල් එකක් ගන්නවනේ!"

"යේන්නේ මාව මෙහෙට ගෙනාවෙ. ආතල් එක දුන්නෙ එයා!"

එයට මදක් උස් හඬින් සිනා සුනු විරාජ් කාමරය කොනේ තිබූ පුටුවෙන් හිඳ ගත්තේ ය.

"ඔය මොනව ද?"

ෂමිත් ඇසුවේ විරාජ් රැගෙන ආ බෑගයක් දෙස බලමිනි.

"ඇඳුම්. කෑම."

"ඕවා මොකට ද? ඕවා මෙහෙන් හම්බු වෙනව නේ."

"මං දන්නෙ කොහොමද ඉතින්? මේ ඔයාගෙ boyfriend ගෙනල්ල දෙන්න කියපුවා!"

The Deathtrap Where stories live. Discover now