34 පරිච්ඡේදය

1.3K 259 29
                                    

[Warning: Violence ⚠️]

"......නොයෙල්?"

"......යේන්?"

ඔවුන්ගේ දෑස් එකට ගැටෙද්දී දෙදෙනාම මොහොතකට නිසල විනි. තමන් දැන් යේන්ට මේ සිදු වන දේ පිළිබඳව පැහැදිලි කරන්නේ කෙසේ ද? ෂමිත්ට ඒ මොහොතේ ඇති වූ එකම ගැටලුව එය යි. දැන් නම් ඔහුට කිසිසේත්ම මෙය සැඟවීමට නොහැකි ය. ඒ මොහොතේ යේන්ට උවමනා වූයේ අන් සියල්ලටම පෙර ඔහුට ගැටලුව නිරාකරණය කර ගන්නට ය.

"You okay? නොයෙල්?! ඔයාට තුවාල ද?!"

ෂමිත් ඒ පැනයෙන් යම් තරමක් ව්‍යාකූල වූවා කියතොත් නිවැරදි ය. ඔහු පිළිතුරක් දෙන්නට පෙර මදක් පැකිලින.

"අ.... මට..... අවුලක් නෑ."

යේන් තප්පරයක් ගත වන්නටත් පෙර ෂමිත් අසලට ළං විය. ඔහුට මදක් එහායින්, බියෙන් ඇළලී ගොස් සිටි අනෙකා, එක් විටම එතැනට කඩාපාත් වූ, ෂමිත්ටත් වඩා උස් අනපේක්ෂිත රුව දැකීමෙන් තවත් බියට පත් විය. ෂමිත් වෙතට පැමිණෙන අතරතුර ඔහුට කිසිදු අනතුරක් වී නොමැති බව සැක හැර දැන ගත් යේන් ෂමිත් අසලින් ම නැවතී ඔවුන්ට ඉදිරියෙන් සිටි අනෙක් නිගණ්ඨයෙකු වැනි මිනිසා දෙසට හැරිණ.

ඔහුව බියෙන් වෙවුලා යන්නට යේන්ගේ එම බැල්ම පමණක් ප්‍රමාණවත් විය. ඔහු තවත් අඩි දෙකක් පසුපසට ගියේ කුමක් හෝ කියන්නට උත්සහ කරමිනි. යේන් ද කිසිදු වෙනසක් නැතිව ඔහු සිටි දෙසට අඩියක් තබමින් ඔහුට ළං විය.

"ඒයි! ළඟට එන්නෙපා! මං තොට කියන්නේ! තව අඩියක් හරි තිබ්බොත්....."

ඔහු අරමුණකින් තොරව කියවන්නට විය. මේ අතර තවත් අඩියක් යේන් එදෙසට තබන අයුරු දුටු ෂමිත් යේන්ගේ වැළමිටට ආසන්නයෙන් අල්ලා ගත්තේ ය.

"යේන්...."

යේන් එලෙසම සිට හිස හරවා ෂමිත් දෙස බැලුවේ ය.

"මේක මගෙ personal ප්‍රශ්නයක්. ඔයා මේකට පැටලෙන්න එපා. Please. මං නිසා මේකට පැටලුනොත් ඔයාටත් වෙන්නේ-"

ඔහුට එය කියා නිම කරන්නට නොහැකි විය. කොහේ දෝ තිබී කලු පැහැති යමක් පිටතට ඇද ගත් ඔවුන් ඉදිරියේ සිටි අනෙක් මිනිසා එය යේන් හා ෂමිත් දෙසට එල්ල කළේ ඉතා වේගයෙනි. ෂමිත්ගේ දෑස් විශාල වූයේ ඔහුට හුස්මක් ද ඉහළට ඇදෙන විට යි.

The Deathtrap Where stories live. Discover now