108 පරිච්ඡේදය

820 177 65
                                    

[Warning: Mature Content ⚠️]


'Wow.... He's pretty good....'

දෙවැනි වර ද ෂමිත්ගේ මිට මෙළ වූ අත තම මුහුණ වෙතට පැමිණෙත් ම පැත්තට හැරී එය වළක්වා ගත් යේන් ඊළඟ තප්පරයේ එම අතෙහි මැණික් කටුවෙන් තරමක් තද කර අල්ලා ගත්තේ ය. එයින් ෂමිත්ව යන්තමින් ගැස්සී ගියත් ඊළඟ මොහොතේ ඔහුගේ අනෙක් අත ඔහුටත් නොදැනීම මෙන් ක්‍රියාත්මක විනි. එවැනි ඉතා වේගවත් ප්‍රතිචාරයක් යේන් කිසිසේත්ම ෂමිත් වැනි ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු වූයේ නැත.

'No. He's amazing!'

ඔහුගේ සිත කියන්නට වූයේ එවිට යි. නමුත් මේ ආශ්‍රිතව අවුරුදු ගණනක පුහුණුවක් ඇති අයෙකුට එවැනි පහරක් වළක්වා ගැනීම ඉතාමත් සරල දෙයකි.

ෂමිත්ගේ අත අත් නොහැර ම, යන්තම් පිටුපසට නැවී, තම උදරය දෙසට ඉලක්ක වුනු අනෙක් පහර ද වළක්වා ගත් යේන් ඒ සැනින් ෂමිත්ගේ ඒ අතින් ද අල්ලා ගත්තේ ය. ඊළඟ මොහොතේ ෂමිත් නිසල වූයේ ඔහුගේ දෑත් දෙපසට මාරු කර යේන් අල්ලා ගත් විට යි. එයින් ඔහුට දෑත් ගලවා ගන්නට තියා අඩියක් පසුපසට යා ගන්නටත් නොහැකි වී තිබිණි.

"...shit!"

ෂමිත් අඩු හඬකින් කීවේ යේන්ට කිසිදු ආයාසයක් නොදරා ඔහුව අල්ලා ගන්නට හැකි වූ නිසාවෙනි. තමන් තවමත් දුර්වලයෙකු බව ඔහුට සිතිනි.

"කකුලෙන් ගහන්න."

"ආ?"

ෂමිත් හිස ඔසවා යේන් දෙස බැලී ය.

"මේ වගේ වෙලාවට හරි යන්නේ kicks."

යේන් ෂමිත්ගේ සිතැඟි වටහා ගනිමින් කීවේ ය.

"මෙතන ඔහොම පාරවල් ගහන්න ඉඩ තියෙනව ද?!"

ෂමිත් කීවේ මුහුණින් බැල්කනියේ කෙටි බැම්ම ද පෙන්වමිනි. එයට යන්තමින් සිනාසුනු යේන් ඔහුගේ දෑත් ලිහිල් කළේ ය.

"ඔයාගේ reflexes... not bad."

යේන්ගේ ස්වරයේ පැහැදිලිව ම ප්‍රශංසාවක් ගැබ්ව තිබිණි.

"Thanks! මට හොඳ coach කෙනෙක් ඉන්නවා!"

ෂමිත් සිනාවෙන් ම පිළිතුරු දුන්නේ ය. මීළඟට තප්පර කිහිපයක් යේන් දෙස බලා සිටි ඔහුගේ මුහුණෙහි ඇඳී ගියේ සැනසුම් සහගත හැඟීමකි.

The Deathtrap Where stories live. Discover now