146 පරිච්ඡේදය

711 155 107
                                    

"දැන් ඔයාට තිබ්බ ප්‍රශ්නේ විසඳුනා නේ?"

යෙනුල් ඇසුවේ ප්‍රශේන් නැවත ඔහු අතට දුරකථනය දෙන විට යි. 

"හ්ම්... අයියලා හොඳින් නං ඒ මදැයි. ඒත්... මගෙ ප්‍රශ්න ඉවර නෑ."

ඔහු කීවේ යෙනුල් දෙස කෙලින් ම බලන්නට උත්සහ නොකරමිනි. තමා ඕනෑවට වඩා දෙයක් ඉල්ලන්නට ගියහොත් එය ඔහුට වදයක් විය හැකි ය.

"ආ... I know what you're getting at! ඒ කතාව මං කියන්නම්. නිදහසේ..." 

යෙනුල් කීවේ ඇහිබැමි ඔසවමිනි. ප්‍රශේන්ගේ දෑස් නිරායාසයෙන්ම කාමරයේ සිටි ඔහුගේ මව වෙතට යොමු විනි. සුසුමක් පිට කළ ඔහු එයට එකඟ වන ලෙස හූමිටි තැබුවේ ය.

"හ්ම්...."

"Bingo!"

යෙනුල් උස් හඬින් කියමින් ඉවතට යන අයුරු ප්‍රශේන් බලා සිටියේ ඔරවා ගත් මුහුණිනි. ප්‍රශේන් කාමරයේ දොර වසා හැරෙන විට ම ඔහුගේ මව ඔහුගේ අතකින් අල්ලා ගත්තා ය. අත නැවත ගන්නට හැදුවත් එහි ග්‍රහණය වැඩි වූයෙන් ප්‍රශේන් ඇය දෙස බැලුවේ ද පෙර වූ ඔරවා ගත් මුහුණින් ම යි.

"ප්‍රශේන්! තව කොච්චර කාලයක් මෙහෙම මේ මිනිස්සුන්ගෙන් කකා බිබී ඉන්න ද හදන්නේ?! මං මෙච්චර වේලාවක් මුකුත් නොකිව්වේ ඔයාට මේක තේරෙයි කියලා හිතලා! ඒත් අපිට මේ නොදන්න මිනිස්සු ටිකක් මැද්දේ මෙහෙම ඉන්න පුලුවන් ද?! ඔයාම නිකන් හිතන්න! මං දන්නෑ ඔයාට පුලුවන් ද කියලා, හැබැයි මට බෑ!" 

"එහෙනං ඔයා ආපහු යන්න. මං අයියා එන්න කියනකන් මෙහෙ ඉන්නවා." 

ඇගේ දෑස් නිරායාසයෙන්ම විශාල විනි.

"මොකක්ද කිව්වේ?!"

"අයියලා තාම එහේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන නෑ ලු. තාම එයාලව පොලීසිය හොයා ගන්න ඉඩ තියෙනවලු. ඒ නිසා දැන් ම එන්න එපා කියලා කියන්නේ."

"ප්‍රශේන්! මේකෙන් අන්තිමට ඔයාට විතරක් නෙවෙයි මටත් ආතක් පාතක් නැති වෙනවා! අපි මෙහෙ හිටියා කියලා මොනව කරන්න ද?!"

මෙවර ප්‍රශේන් බලෙන් මෙන් ඔහුගේ අත මුදවා ගත්තේ ය.

"මට යේන් අයියව sure. එයා මෙහෙ අයව විශ්වාස කරනව නං... මං හිතන්නෑ එයාලා නරක අය කියලා. අනික.... ඔයා නිසයි මට මෙහෙම පොලීසියට නොගෑවී රටවල්වලින් පැනලා යන්න වෙලා තියෙන්නේ! මං හිතුවේ ඔයා ඇත්තටම මාව යේන් අයියගේ ආච්චී ගාව තියලා job එකකට යන්න හැදුවා කියලා! ඒත් ඔයා බොරු කියලා මාව ටික දවසකට දීලා එකපාර සල්ලි ගත්ත නේ?!"

The Deathtrap Where stories live. Discover now