පැය එකහමාරකට පමණ පසුව පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි ෂමිත් ෂෙහාන් වාඩි වී සිටි තැනට ගොස් ඔහුට පසෙකින් වාඩි වූ අතර ෂෙහාන් බංකුවේ මදක් එහාට වී ඔහුට ඉඩ ලබා දුන්නේ ය. ප්‍රශේන් ඔවුන්ට මදක් එහායින් ඇති බංකුවක වාඩි වී දෑත් බැඳගෙන, දෑස් පියාගෙන සිටියේ ය. මේ වන විටත් ඔහුගේ පියාව පොලිස් කූඩුවට දමා තිබිණි. නමුත් තවත් මද වේලාවක් ඔවුන්ට එහි සිටින්නට සිදු වන බව දැනුම් දුන් නිසාවෙන් ඔවුන්ට පොලීසිය ඉදිරිපිට තිබූ බංකුවලට වී කාලය ගත කරන්නට සිදු විය.
"අයියේ දැන්වත් කියනව ද මොකක්ද උනේ කියලා?"
ෂමිත් ඇසුවේ බංකුවේ මදක් පිටුපසට ඇල වෙමිනි. මේ වන විට ෂෙහාන්ගේ තුවාලයට බෙහෙත් දමා තිබිණි. ඔහු සිටියේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙනි. ඒ තුවාලය ඔහුට එතරම් දෙයක් නොවන බව පෙනෙන්නට තිබිණ. ෂෙහාන් ඔහු අත වූ දුරකථනය ක්‍රියා විරහිත කරමින් ෂමිත් දෙස බැලුවේ ය.
"ම්.... කොහොමද මේක කියන්නේ...."
ඔහු කල්පනා කරන්නට විය.
"සිරා කතාව නං මේක මට හම්බුන job එකක්."
"ආ?!"
ෂෙහාන් නැවත සුසුමක් පිට කළේ ය.
"මං එක වාක්‍යයෙන් කියන්න ද? උඹට කරදරයක් නොවෙන්න උඹලගෙ තාත්තව පොලීසියට පටලවන එක තමයි මගෙ job එක."
ෂමිත් දෑස් ලොකු කරගෙන ඔහු දෙස බලා සිටියේ ය.
"එතකොට අර කියපු ටික ඔක්කොම බොරු ද??"
"ආහ්.... ඔව් ඉතින්. උඹට කියන්න පුලුවන් ඈ මං උඹේ bodyguard විදියට ආවා කියලා? මට ඒක කියන එක තහනම්. ඒ නිසා ඉතින් බොරුවක් කියන්න උනා."
"එතකොට ඔයා bodyguard කෙනෙක් ද?"
"ඕ..."
"හහ්.... "
ෂෙහාන් නොසිතූ අයුරෙන් ෂමිත් සිනාසෙන්නට පටන් ගත්තේ ය. ඔහුට මේ වන විට සිදු වී ඇති දෙය යම් තරමකට වටහා ගන්නට හැකි වී තිබිණි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...