28 පරිච්ඡේදය

1.5K 267 17
                                    

"මං එනකන් ඉන්න." 

කියූ යේන් එහි සිටි වෛද්‍යවරයා සමඟ කෙටි සංවාදයකට එලඹිනි. ෂමිත් ඔහු පැමිණෙන තුරු පසෙකට වී බලා සිටින්නට විය. රෝහලෙන් පිට විය යුතු සියල්ල සූදානම් කරගෙන එයින් පිටතට පැමිණෙන විට දවල් දොළහට ආසන්න වී තිබිණි. ෂමිත් හැඳ සිටියේ පෙර දිනයේ විරාජ් රැගෙන ආ ඇඳුම් ය. ඔහුට මේ දින දෙකට කිසිවකින් කිසිදු අඩුපාඩුවක් නොවිනි. ඔහුට ඔහුගේ ජීවිතයේ මෙතරම් සැප පහසුවට ගත කළ වෙනත් දිනයක් සිහියට නගා ගත හැකි නොවීය. පැය බාගයක් ගත වන්නට පෙර ෂමිත් යේන් සමග වාහනයේ අසුන් ගෙන සිටියේ ය.

"මේ කොහෙද යන්නේ?!" 

ෂමිත් ඇසුවේ යේන් හතරමං හන්දියකින් හරවන විට යි. 

"කන්න."

"කන්න?" 

"Yep." 

"Chinese restaurant එකට?" 

ෂමිත් ඇසුවේ යේන්ගේ සිතැඟි වටහා ගනිමිනි. යේන් ඔහු දෙස බලා හිස සොලවා එය අනුමත කළේ ය. 

"ඔයා මේ වෙලාවේ මේකට යන්නේ මගෙ ඇටයි, හමයි විතරක් නිසා ද?!" 

යේන්ගේ මුහුණේ සිනහවක් ඇඳී ගියේ ඉබේටම ය. එයින් ම ඔහු සිටින්නේ කෝපාන්විත හෝ කැලඹුනු මනසකින් නොවන බව ෂමිත් වටහා ගත්තේ ය. 

"මේකෙන් වේලක් කෑවා කියලා ඒක හරියනව ද?" 

"මට ඔහොම කාලා මහත් වෙන්න ඕනෙ නෑ....." 

"ඉතිං ඒකට නොකා ඉඳල හරියනව ද? මහත් වෙනව නම් GYM එකකට යන්න. දැන් money අවුලක් නෑනේ. එහෙම බැරි නම් මගෙ ගෙදර එන්න." 

ෂමිත් ක්ෂණිකව යේන් දෙස බැලුවේ ය. 

"ඔයාගේ ගෙදර?!" 

"ඔව්. අර ඕනෙ තරම් ඒවා තියෙන්නෙ exercises වලට. සමහර ඒවා මං use කරන්නෙවත් නෑ." 

"එහෙනම් මොකට ද තියන් ඉන්නෙ?" 

"ඒවා මං හෙන කාලෙකට කලින් ගත්ත ඒවා. ඔයාට ඕනෙ නම් ඒවගෙන් කැමති එකක් ගන්න." 

The Deathtrap Where stories live. Discover now